පෙර දිනේ
වැව් දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල
දිය ජබුං ගසන උන්.
ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්"
දිය ජබුං ගසමින්
Pool වල නෑවාට,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,
නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....
වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......