Monday, November 30, 2015

කසාවත

අයෙක් පුදදෙයි - අයෙක් ගරහයි    
පිදුම් ද? ගැරහුම් ද? - දරන්නන්ටම භාරයි
කලියුගය එහෙමයි - බහුතරය අසාරයි 
සියල්ලන් වත් දරයි - එහෙත් මෙය උතුම් බැව් කිව මැනැයි 
කියූ කළ එකෙක් - අනෙකා ඒ කුමන වතදැ යි අසයි.
මනුසත්වයෝ - උතුම් පින්වත් වතක් වෙතොත් 
ඒ කසාවතයි - පිළි ලැබෙයි                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

Sunday, November 29, 2015

යන්න

ස්ස්...මේ අහන්න....කෝ බලන්න
රිදෙව්වේ කවුරුන්ද ඔබව?
කනස්සලු වූ ඔබේ සිත
කැකෑරෙන කෝපයෙන්
පෙනෙනවා එය..සායම් බොඳව ගිය මූණෙන්
අවැසි නම් ගන්න..පලි ගන්න ඔහුගෙන්
යන්න..නොවලහා යන්න ඔබ
නික්මෙන්නට මත්තෙන්
ඔවදනක් දෙනු රිසියි මා..අසන්නට හැකිනම්
ගොස් බිඳින්න..අස්ථි සියල්ල වුව ඔහුගේ
206ක් වූ ඇටකටු තිබේ ඔහු සතුව
කැඩුණද කම් නැත..සුව කළ හැකි මං ඇත
සියල්ලම බිඳින්න අවැසි නම්
ඒත්..සිතන්නටවත් එපා බිඳින්නට හදවත
රිදෙව්වද ඔහු ඔබව
ඔහුට ඇත්තෙත් 1කි හදවත්
ඔව්...දැන් යන්න..