Sunday, October 29, 2017

හුස්ම සරි වූ ප්‍රේමයක්



තවත් අවුරුදු ගණනකින්
සැඳෑ සමයත් ලංවේවී
දිවි ගමන කෙළවරේ
මතක පොත් පිටු පෙරලේවී.......


හුදකලා නිවහනක​
පෙරදාක මතකයන්
මගේ මේ පන්හිඳෙන්
නුඹට කවි ගීත වී
හැමදාම ලියවේවී.....


මුණුබුරන් වට කරන්
කියද්දී කතන්දර​
බලාගෙන මයෙ මැණිකෙ
වැරදිලා හරි අපෙ කතාවත්
ඔය කටින් කියවේවී......


නන කැඩුණු කුඩේ ගෙන​
යද්දි හවසක පාරේ
බිම්මල් පිපෙන බංකුව උඩ​
කවුරුවත් දන්නැති පාරේ
අහම්බෙන් හරි හම්බෙන්න​
බලා ඉන්නම් දේවී.....


එලවලා අඳුරු ගොම්මන​
කැඳවලා පහන් රැය සුන්දර​
හංගලා හීන කප්පර​
මතක තුරුලේ දරාගෙන​
දෛවයක විස කටු උඩින් අපි
යන්ට යමු ලෝකෙන් බේරී......