Tuesday, January 3, 2017

තොණ්ඩුව​



එකෝමත් එක
දවසක​
ගඟක්
හඬාගෙන ඇවිදින්
කිය කියා දුක
වැළපෙන කොට​;

ඒ කඳුළු
පිසදුවාලූ
නිල් පාට සයුර
වචනෙකින් වත්
දොසක් නොකියාම​
වැළඳගෙන​
ඔහුව තුරුළට​.....
සැනසුවාලූ
ඔහු සිත​
රිදෙන්නට
නොතබමින්
කිසිවිට ඉඩකඩ​.......

සයුරු රළ දුක​
බුර බුරා
නැගුනු දින වල​
තනිව ඉවසා
සගවා කඳුළු
වතුරේම
දිය කොට​
හැරියා වූද
මහ සයුර​.....

ඉවසා ගත නොහී
දරා ගත 
නොහැකි වූ සඳ​
ඒ වේදනා සාගරේ
සෝ දුක්
දෝර ගැලූ කළ​....
වඩදිය ඔස්සේ
ජල කඳක් ව​
ගොඩ ගැලූ කළ....​
ඇගේ කඳුළු දිය​
භාර ගන්නට​
ගඟේ හදවත​
තෙත් වුණේ නැත​..

එදින සිට​
හෝ ගාන​
ඉකි බිඳුම​
ඇහුණා
වරු ගණන්
හවසට​...
ඒ නිසා
වෙන්න ඇති
මහ සාගරේ
සයුරු දිය
මේ තරමටම​
ලුණු රස​....