මැණිකෙ ,
මේ බැඳීමකට එහා ගිය හැඟීම
ආදරේ දැයි නොවිමසාම
හැමදාම මග බලන ඇස්
මගේ....
සමීපව දැනෙනකොට
හංගාන එය හිත යට
සිනාසෙන ඇස්
නුඹේ....
ආදරේ යැයි කියන්නට
නිතර නිතර සිත්වෙන
අමනාප වෙත් දැයි බියෙන්
නොකියා නතර වෙන හිත
මගේ....
ඒ සෑම මොහොතකම
මගේ හිත කියවන
තත්පරෙන් තත්පරේ
මගෙ හිතට ලංවෙන හිත
නුඹේ....
මිතුරුදම පහු කරන්
නුඹ මගේ යැයි නොකියා කියන
නුඹෙත් මගෙත් ලොව තුළ
අපි හැමදාම අපේ.......