Friday, March 31, 2017

සේකර මං ඔබට ආදරෙයි....💖

හැගුම් වැසි හැමදාම​
ටොන් ගණන්
සිත් මලට වැටුණත් ;



ඒ වැහි කැට​
අකුරු කරන්නට​
මා දත කන​
අන්දම්​......



වෙන් කොට බෙදා
හඳුනා ගත නොහී
තටමනා විට ;



මටත් වඩා අගනෙට​
මගේ හිත් මලට බට​
හැගුම් වරුසා පොදි
සේකරයන් මොනවට
හඳුනා ගෙන ඇති
අන්දම්.........



දිනක්
සේකරයන්
මටම කියා
ලියා තැබූවාද​
මෙපරිද්දෙන්
මේ ලෙසට​....



ඔහුත් පෙලුණාද​
ඔහුටත් දැණුනාද​
පෙර දිනක​
මෙපරිද්දෙන් 
මෙලෙසටම​....



හැගුම් වචනෙට​
පෙරලන්න වලි කන
මගේ මන ඔහු
​හැඳින ගත්තද​
පෙරදාම.....



"දහස් මුවෙකින්
නැගෙන ඔල්වර​
සිනාහඬ දසතින් ඇසේ....
දහස් ගණනක්
සෙනග අතරේ
මහා
තනියක්
මට දැනේ......"



ඔව් සේකර ,
ඒක තමයි.....
අපි පැනලා යමු !



11 comments:

  1. Replies
    1. තැන්කුයි වාසි.....😊

      Delete
  2. මෙයත් ලස්සන කවක්මැයි
    නුඹත් ඒ ලෙස හිඳීදැයි
    සිතත් මගෙ මග බැලූවැයි
    මමත් සේකර කෙනෙක්මැයි....

    ලොක්කී නෙලුම් යායට ආවාද ? කතා කරන්නයි හිටියේ ?

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එන්නමයි හිටියෙ.....හදිසියේම ලොක්කිගෙ සීයා අන්තරා වුණානේ.....ඊළග නෙලුම් යායෙදී නම් අනිවාර්‍යෙන් මුණ ගැහෙමු.....🙂

      Delete
  3. සේකර.... කියන්නෙම පිස්සුවක්. කතාකරන්න, කියවන්න, කියන්න දේවල් ගොඩක්. ඒ නිසා ඒ මාතෘකාව පොඩ්ඩක් පැත්තකින් තියන්

    දහස් මුවකින් නැගෙන ඔල්වර.....

    ඕක තනිකර වයසේ වැරද්ද.. ඔය කාලෙට ඔහොම හිතෙනවා. පොලවේ පස් කනවා ඉතින්. ඒ අස්සේ විභාග භීතිකාවත් ආවහම බඩු බනිස්. ඒ වුනාට ඔහොම කියන ගොඩදෙනෙක් ඔහොම කියලා මාස දෙක තුනකින් කියන්නේ

    නොගැයූ ගීතයක තණුවක් වී
    නොහෙලූ කඳුලක සිහිලක් වී
    නොපැතූ පැතුමක කළලක් වී
    නොපෙනී ඔබ මා සමග සිටී
    ............දැන් මට තනි නැත

    ඔන්න ඕකයි ඇත්ත තත්වේ...

    කවිය..... කවියට වඩා මම ආස ඔයා හිතන විදිහට. ඒක හෙන අමුතුයි.
    ජයවේවා

    ReplyDelete
  4. හරිම අපුරුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම විස්කෝතුයි...😇

      Delete
  5. සේකර කියන්නේ උමතුවක්, ඔව් තනිකරම උමතුවක්,
    අපූරුයි බොස්,

    ReplyDelete
    Replies
    1. හුග කාලෙකින්......🙂

      Delete
  6. නියමයි බොස්..❤️❤️

    ReplyDelete