Monday, August 29, 2016
ඒකෙත් හැටි
පාළුම පාළු කතරක
විඩාබරව
දිය බිඳකුදු නැතිව
ඔහු ගමනේ ය...
එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව
අන් කිසිවෙකු නොව;
නුඹ ය...
ගුගුරුවා අහස
වැසි වස්වන බව
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව;
නුඹම ය...
පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව;
නුඹම යි...
එහෙව් නුඹවම
ඔහූ පැතූ අරුමය
පුදුමයි..!
Tuesday, August 23, 2016
එන්නෙ නෑමයි
Friday, August 12, 2016
ටටා Bye
පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු
සුදුම සුදු
පුංචි මලක්නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....
මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......
නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය
කුසලයත් ඔහු නමටම විය..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙනඅනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...
Subscribe to:
Posts (Atom)