ඒකෙත් හැටි
පාළුම පාළු කතරක
විඩාබරව
දිය බිඳකුදු නැතිව
ඔහු ගමනේ ය...
එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව
අන් කිසිවෙකු නොව;
නුඹ ය...
ගුගුරුවා අහස
වැසි වස්වන බව
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව;
නුඹම ය...
පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව;
නුඹම යි...
එහෙව් නුඹවම
ඔහූ පැතූ අරුමය
පුදුමයි..!
උණුසුම් ජල අංශුවලින්
ReplyDeleteදමා ගැසුවේ ඔහුය
සැඩ සුලං දවටලා
මා කැළඹුවේ ඔහුය
මා එනතුරු මග පුරා
බලා සිටියේ ඔහුය
හැඩ මකන්න නොහැකිව දැන්
අසරණ වූයේ මමය....
ජයවේවා!!!
wuhoo! මරුනෙ අප්පා..විස්කෝතුයි...
Deleteඔය වලා'ලා ඉන්නවා නේද?....උන් ඔහොම්මමයි....ගහන්න ඕනේ උස්සලා ..... මෙට්ටයක් උඩට.
ReplyDeleteයකෝ අහවල් එහෙකටද මෙට්ට උඩට දාන්නෙ? කුඩේ කුඩු වෙලා යන්න ගහමු උස්සලා පොලේ..හක හක
Delete