පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු
සුදුම සුදු
පුංචි මලක්නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....
මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......
නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය
කුසලයත් ඔහු නමටම විය..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙනඅනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...
දිරියගෙන සිතට,
ReplyDeleteකඩනු තවත් මලක්....
පුදන්නට නොව,
පෙනෙන්න්ට ඔහුට..........
.....
දුප් දුප් එක්සෑම් කොරපිය...hikz..thankuii bettz
Delete