මියෙන්නට නම්
බය නෑ මම....
කිව්වට එහෙම
බයක් නැත්තෙත්
නෑ මට.....
එහෙව් මා තුළ
මේ සෑම බියක්ම
පරදවා නැගෙනා
මිනීමරු බියක් ඇත....
ඇත්ත තිත්ත වූවත්
මෙතරම් තිත්ත යැයි
සිතුනේ නැත
දැනුනේ නැත......
නරිච්චියෙක් වුණා නම්
කියන්නට තිබුනා
හීනියට නොදැනෙන්න
ඇත්ත තිත්ත නොව
ඇඹුල් රස බව......
ඒත් තිත්තටම
දැනෙන මේ
අමිහිරි ඇත්ත
මග හැරලන්නට
මගක් නැත මට
පූරුවේ කළ පවකට......
නරිච්චියෙක් වුණා නම්
කියන්නට තිබුනා
හීනියට නොදැනෙන්න
ඇත්ත තිත්ත නොව
ඇඹුල් රස බව......
ඒත් තිත්තටම
දැනෙන මේ
අමිහිරි ඇත්ත
මග හැරලන්නට
මගක් නැත මට
පූරුවේ කළ පවකට......
තිත්ත වනවා වෙනුවට
ඇත්තට තිබුණා
ටිකක් විතර
ඇඹුල් වෙන්න....
එතරම්
අමිහිරි නොවෙන්න.....
එහෙත්
තිත්තම තිත්ත ඇත්තක්
මා ඉදිරියේ
දිග හැරෙන දින
පේන දුරින් හිඳ
මට විරිත්තන හැටි......
ආවොතින් ඉදිරියට
හැප්පුණොත් කෙලින්ම
අම්මා පල්ලා
කඩනවා මං
ඇත්ත තොගෙ අඬු....
උගුල්ලනවා මං
තොගෙ ඇස්....
එව්වා එහෙම වෙද්දී
ඒ මරණීය ඇත්ත
එලි බහින්නට
දින ගනිද්දී
ඔන්න මරුවට
තේරුනා යසටම
බෝවෙලා බව
මාරාන්තික බිය මට!
මගෙනුත් නාහා
මගේ හිත
තුරුල් කරගෙන
ඒ මිනීමරු බිය....
හුරතලෙන් හාදු දෙයි
ඒ අමිහිරි ඇත්තට
කොනිත්තා මගෙ මන.....
මැරෙනවා !
අපි හැමෝම....
හත්තිලව්වේ
ඒක කරුමෙට
දන්නවා මම....
ඒත්
කෙදින හෝ
නුඹේ දකුණතේ
වෙඳැගිල්ලේ
වෙලෙන්නට නියමිත
ඒ රන් මුදුවෙන් ;
පරාවර්ථනය වී
එන රශ්මි කදම්බය
පුළුස්සා දවා
අළු කර දැම්මොතින්
මගේ හිත ???
සමාවනු මැන !
දස දහස් වතාවක්
සමාවනු මැන....
ඒ බිය ඇතිව
මියදෙන්නටයි
මේ තරම්
බය මම......
ඒත් ඒ මුදුව
නුඹේ වග දැනෙන විට...
ඉන් නිකුත් වූ කිරණ
නුඹේ දිවියට
එළි ගෙනෙන වග
හැගෙන විට...
මෙලොව මිහිපිට
අපරිමිත සතුටෙන්
මියැදෙන
මිහිදන් වන
වාසනා ඇත්තී
කවුරුවත් නොව
මේ නුඹේ මමම ය...