අහස ඊයේ ලියා ලියුමක්
පොලෝ තලයට සෙනෙහසින්.....
කියා එව්වා වැස්ස සමගින්
වසත් කල ලඟ එන බවක්.....
ඒත් එක්කම ලියා තිබුනා
මෙහෙම වෙන්කොට එහි ඉඩක්....
මගේ ආදර මහී කත මෙය
ලියමි නුඹ වෙත ස්නේහයෙන්...
එකෝමත් එක අඳුරු දවසක
තරහ වී පෙම දුර ගියත්.......
මෙතෙක් කල් නුඹ බලාසිටි හැටි
මට දරන්නට බැහැ තවත්.....
පැතූ මුත් මා සෙනේ සිසිලක්
නුඹව නොතකා ඔවුන් ගෙන්.....
ඉර, සඳත් එහි තරු කැටත් නැහැ
හැඳිනුවේ මසිතෙන් බිඳක්....
දුරින් උන්නත් නුඹ තරම් මට
දැණුනෙ නෑ වෙන කිසි කෙනෙක්....
නුඹ වගේ නෑ හැඳිනගත්තේ
ප්‍රේමියේ උන් මගෙ සිතුම්....
කියා එව්වොත් වලාකුළකට
මටම නුඹ හිමි වන බවක්....
අපට පුළුවනි පටන් ගන්නට
අපෙ කතාවත් මුල ඉඳන්...........
පෙරදි ආලය හැඳින නොමගත්
මහා පාපෙත් කර තියන්...
නුඹට ප්‍රේමෙන් ලියූ මා මේ
සදාදර නුඹෙ නුබ ගැබයි....