Wednesday, February 3, 2016

බෙදාගෙන කමු

කුණු බාල්දි
පෙරලන
දරු පැටවු ගැන
අහස් මාලිගා
දන්නේ මොනවද?

දිරුණු වහල
අතු සෙවිලි
කරන්නට
දහඩිය
වගුරන
දුගියන් ගැන​
luxury මන්දිර
ටයිල් කරගත්
යතිවරු
දන්නේ මොනවද​?

මුෂ්ටිය
පසෙකලා
ශිල්පයක්
හරිහැටි දෙන
දිසාපාමොක්ලා
ඉන්නවද?
අහුලන්නවත්
එක දෙක​..

මොකද කියන්නෙ ,
මහන්සි
යන්නත් එක්ක
බෙදාගෙන
කමුද අපි
නියගලා අලයක්?                                                                                    

Monday, February 1, 2016

නිරහංකාර සමනලුන්

ලස්සන සමනල්ලු
අහංකාරයි කිව්වට
එහෙමමත් නෑ
උනුත් කළගුණ දන්නවා....


වරක් හෝ
මකරන්ද පුද දුන්
පරව ගිය ඇති
මලක සිරුරක්
දුටුවොතින්
නොසිතාම දෙවරක්
පරව ගිය ඒ
මලේ තනියට
හාදුවක් ලග
තියා යන්නට​
ආදරෙන් සිඹ
සමු දෙවන්නට
තුරු ගොමුව තුල
මොහොතකට හරි
නැවතුනා...

උන් නැවතුනා.......

Monday, January 4, 2016

කිරි මුට්ටිය

ඇඟටත් ගුණ දිවට මිහිරි
ඇස පිනවන  කිරි මුට්ටිය  
මුහු වුනොතින්
බිඳුවක් හරි ගොම
ඉවරයි කිරි මුට්ටියම..............
කිරි මුට්ටියේ වටිනකම
නැති වෙන්නේ ඉන් පමණකැ යි සිතුවොත්
මෝඩියකි ඇය
ගොම මුහු නූනාට
මුට්ටිය බිඳුනත්
ඔක්කොම ඉවරයි! 

Sunday, January 3, 2016

සිංහ කේසර

පින් මන්ද රංග භූමිය තුල
සිංහ සීවලී ට පෙම් බැඳි  
ගල් ලෙනද බිඳ ලා
ඇයත් කැටුව ලෙනට සමුදුන්
සිංහ බා.....
ඔබ ඇත්තෙන්ම සිංහයාට බයද???
                                                     

ඔබ සහ මම

මිතුරන් නොවන මිතුදමකින් පැටලී
ගලවාගත නොහී    
සතුරන් නොවූව ද 
අමනාපකමකින් දැවෙන.....
මතක මංපෙත් 
ගොන්නක් තුරුළු කරගෙන
රහසේ සැලෙන
නාඳුනන දෙදෙනෙකු ව ඇත දැන්
ඔබ සහ මම....
                                                         


Monday, December 28, 2015

මගේ කෙල්ල

සිහිල් සුළං ගත දැවටෙන
සුමිහිරි රාත්‍රී යාමයේ    
මාගේ නින්ද සොරාගෙන 
මට ලංව කොඳුරන්නීය ඈ.....
පෙම් බස් වුවද ඒ
ඈ කොඳුරන්නේ ඇගේ බසිනුයි,
ඇගේ මුණුමුණුව මට.....
නොතේරුණ ද ඒ බස මට
මගේ තනියට මුමුණන්නට                                  
මිනිස් කෙල්ලක එන තෙක්
මා වෙනුවෙන් තනි රකිමින්
පෙමින් සෙනේ බස් කොඳුරන                                  
කෝඳුරු කෙල්ලේ...
ඔබට පිං 

Thursday, December 10, 2015

Lයිfe Jourනිය

කඳුළු,සොටු,පොර බැදුම් මැද හඬ ගාන අඬහැරය                             දුව යමින්,හති ලමින් අප සොයන විල්ලුදය
සෝ සුසුම් නවතලා ගිමන් හරිනා දවස    
හමු වේවි අප සෙවූ හමුනොවූ ජීවිතය    
                                                               

Wednesday, December 9, 2015

පිතු සෙනෙහස Vs ප්‍රේමය

පුදුමයකි...    
හමුවූ විට ඔහු - සිහියට නැගේ ඔබ
ආයාසයකින් නොව..නිතැතින් ම
වුවද ඔහු මට ලෝකයක් - ඔබයි මාගේ විශ්වය 
අතැර දමන්න එය..
එය නොවේ පුදුමය..මෙයයි.. 
දුටු විට ඔහු - මගේ සිහියට එන                                  
ඔබ මුව කමල දුටු විට
අමතකය ඔහු මට මුළුමනින්ම 
කුමක්ද මේ අරුමය...                                  
දැනේ මට දැන් දැන්..විඳින බැව් බව මා දෙනෙත්
පිතු ස්නේහයේ පහස..   
තාත්තේ...කියන්න මට
කොහොමද ඔහු මට ලෝකයක් වූ විට 
ඔබ මුළු විශ්වයම වුනේ ???