Wednesday, April 20, 2016

attack එකටම​ ලියපුවා..හැක්


නරියා මං*

සඳවතිය මොනවදෝ කියනවා
ආයෙ ලගට එන්න වගේ
අහස ලහි ලහියේ
වළාකුළු ආවරණ රැස් කරනවා
අයේ හිටපු තැනටම යන්න වගේ
.......බොරුව​.......
දෙන්නගෙම බොරුව....
ආයේ මම ගනන් ගනී කියල තමයි බය...
එව්ව ඉතින් හඳේම තමා !!!
හුක්කි හුක්කි හූ.................


අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒක​ අම්ල වැස්සක් උනොත් ..
තුවාල වේවි මුලු ඇගම
මගුලෙ තෙමෙන්නෙ ගිහිං
ඒ නිසා ඕන නෑ...                                                                      

Sunday, April 10, 2016

friendship පොජ්ජ

හ්ම්ම් හ්ම්ම්...බකමූණෙක්...හික්.....කලකට පස්සේ වෙලකට බැස්සෙ වගේ හැගීමක් දැනෙනව ඔන්න මට​....ඔන්න get ready වෙන්න ළමායි.....සූට්ටක් විතර කච බච ගාන්නයි මං ලෑස්ති වෙන්නෙ....පුළුවන් නම් අහන් ඉන්න​....බැරි නම් ඒත් අහන් ඉන්න​..හික්z....කියන්න තරම් දෙයකුත් නෑ ඉතින්...ඒත් මොනවහරි කිව්වෙ නැත්නම් කෑවෙ නෑ වගේ..යාළුකම ගැන කියන්න හිතෙනවා දැන් මට ඔන්න​..මෙහෙමයි....දැන් කාලේ බෙහෙතකටවත් හොයාගන්න බැරි කස්ටියක් තමයි හොඳ යාළුවෝ කියන්නෙ...හොඳ මිතුදමක් fit එකේ අරන් යන්න luck එක තියෙන්නෙ කීයෙන් කී දෙනාටද​....good friendship එකක් කරගෙන යනවා කියන්නෙ මට හිතෙන විදිහට තමන්ගෙ ඇගේම පිප්පි කර ගන්නව වගේ වැඩක් ...මොකද කිව්වොත් හැමෝටම වගේ ඒ දේ දකින්න පුළුවන්..ඒත් ඒ උණුසුම් හැගීම විඳින්න පුළුවන් වෙන්නෙ ඇගේ පිප්පි කර ගත්ත කෙනාටම තමයි..(එහෙම උනා කියල දැන් ඇගේ පිප්පි කොර ගන්න එපා හොඳේ...හික්z)                                                                                                                                                                                                      යාළුකම කියන දේ විඳින්නම ඕනේ ඒ හැගීම දැනෙන්න​....හොඳ යාළුකමක් feel වෙන්නෙ කොහොමද කියන එක යාළුවො දෙන්නෙක් දිහා බලන් හිටියා කියල තේරුම් ගන්න බෑ...ඒක එක හිතින් විඳලම බලන්න ඕන දෙයක්... ඔයගොල්ලො දුක් වෙන වෙලාවට ඔය ගොල්ලොන්ගෙ කඳුළු පිහිදාන අය ඉන්නවනම් ඒ අය තමයි යාළුවෝ කියන්නෙ....ඔයාගෙ දුකට හේතු වුනු , ඔයාව රිද්දපු අයට නෙලන්න සවලක් අතින් අරන් ready වෙලා ඉන්න අය ඉන්නවනම් ඒ තමයි හොඳම යාළුවෝ...(ආ....දැන් තේරීගෙන එනවා නෙහ්? හික්... ඒ මට හිතෙන හැටි හොඳේ ) තමන්ගෙ life එකට හැමදාම හරි අයව ලං කරගන්න​......අපිට ඕනේ කව්ද කොහොම අයද කියල හොඳට හිතල තීරණය කරන්න​....මතක තියාගන්න​..වැඩි දෙනෙක්ට ඕනේ ඔයාල එක්ක Pajaro එකේ Limo එකේ නැගල යන්න​....ලං කර ගන්න කොට Pajaro , Limo break down උනාම ඔයා එක්ක bus එකේ එකට වාඩි වෙලා යන්න ඔට්ටු අයව ලං කරගන්න​...එතකොට වරදින ප්‍රමාණය අඩුයි.....උපදේශන සේවයක් වගේ උනා නම් සොරි වෙන්ට ඕනෑ...හික්z....(දිග වැඩි වේගෙන එන නිසා මට බැන බැන කියවනව ඇති නෙහ්??) හා හා...හරි හරි...ඔන්න මං වහගත්තා මගේ කට​...tataaaaa        


Plzzz මචෝ !

රළු පොළොවේ
ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නැති
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන
බාටාවක් නම් උඹ​
අනේ plzzz
ගැලවිලාම පල​..........

Friday, March 18, 2016

සාස්තරකාරී

රතට රතයේ තියාගෙන
පොල් සයිස් පොට්ටුවක්.....
සුවඳේ බෑ ගැටපිච්ච මල් වැල
ඉහේ රඳවා සිටින​.....

පටලවාගෙන 
සාරියක් ඔහේ 
දේවාල දොරින් 
මුරුගන් වඳිමින් 
එලි බසින 
මලයාලම් රුවැත්තියේ...... 

අල්ලේ ඉරි මත  
තබමින් ලෝකය 
නටවමින් 
අංජන තැවරූ 
දෙනෙත් පොඩි....                                    
නුඹ, 
වාසනාව 
කියාලා දෙන අපූරුව​...... 

"එන්න නෝනා මාත්තියා 
ආමු සාත්තරයක්" 
 හඬගාන 
අපූරුව නුඹ​...... 

අතට ලැබෙන්නේ 
තුට්ටුවක් වුව 
 දහස් වාරයක් 
පිං දෙයි නුඹ 
ගරු කටයුතු 
ඇත්තියක් ලෙස.... 

බිංදුවක් 
නොයා නපුරට 
ගින්දරක් සේ 
ඇදෙමින් ......
සතුව ඇති 
වාසනා ගුණයෙන් 
කියයි නුඹ 
සාස්තර...... 

කප්පරක් දෙවි 
ආනුභාවෙන් 
ජාත වූ නිසාම 
වෙන්ටැ ඇත්තේ 
නුඹට මේ වරම් 
කියන්නට සාස්තර​....... 

"සාස්තරකාරි සාස්තරකාරි !!" 
කිව්වට හැමෝම 
තැන තැන  
අමුතු අමුතු විදිහට 
එක වගේ විකාර 
ගැහැනු මොඩල් අතරේ 
නුඹ මට 
අරුම ගැහැනියක්......
                                                        
                     

Thursday, March 3, 2016

එතකොට එදාට​?

තියෙනවා මට 
ලොකුම ලොකු
ලොකූ......ම ලොකු
ඉල්ලුමක්.........
වටිනවා මම​
ගොඩම ගොඩම
ගොඩ.......ම ගොඩාක්......


කාලෙකට කස්ටිය
දෙනවලු ෆුල් ගේමක්
හොයාගන්න
මං වගේ කෙනෙක්.......


ඒකට හේතුව​???
රාහු.................


රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව​
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම​
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........


බැලුවම හරිනෙ කතාව​
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද​?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල​.........

දැනට නම් වටිනවා
"ඉස්සරහටත් එහෙම වෙයි"
කියල හිතනවා
ඒත්
රාහු නැතිවුන දවසට​?
එතකොට එදාට​???


නිවාඩු පාඩුවේ
පරවෙන්න කලින්
කොහොමහරි
හිතල කියන්නම්
බැරිම උනොත්
ගොතල හරි කියන්නම්

ඒක එදාටනේ.......

Wednesday, February 24, 2016

අවසන් ඉල්ලීම​

මලේ......මලේ......
ඉවසනවද
ඩිංගිත්තක්
සමනළයෙක්
වෙනකං මං......
තාමත් දළඹුවෙක් නිසා
කල් යයි ටිකක්
සමනළයෙක් වෙන්නට
මට...........


ඒත් ඉතින්
සමනළයෙකුගෙ ප්‍රේමය
ඉවසන්නෙ
කොහොමෙයි නේ?
රොන් බොනකොට ඌ
හැම මලකින්ම
රොන් බිව්වොත්?

මලේ.....මලේ.....
තටු සිඳුණු දවසට
සමනළයාට
පියාඹන්න බෑ
තව තවත්
දුර ඉතින්....


ඉතින් එදාටවත්
නැති වෙන්න යන
මගෙ පණ කෙන්දට
නිදහසේ සැහැල්ලුවේ
මටත් නොදැනිම
යන්න දෙන්න​
නිකමට....
උදව්වට​.....
නෑ.....
හිතවත් කමට වගේ.....
නෑ නෑ ආදරේට
ඔව් ආදරේට​......

පිපෙනවා නේද
ඒ දවසට
එකම එක
මොහොතකට හරි
මේ හිත්පිත් නැති
සමනළයා නමින්
බෑ නොකියා මගෙ
මලේ නුඹ​?

                                                                                  

Tuesday, February 16, 2016

අසාධාරණයි ඕයි !

හෙමින් හෙමින්
මහන්සියෙන්
හැදුවා මම
මාලිගයක්......
ඒකත් හැදුවෙ
අහසෙ....
කාටවත් නොවී ඉන්න
ඇණයක්...
මල වදයක්.....


කොරන්ට යමක්
නැති නිසා වෙන්ටැ
රිංගුවේ මගෙ
අහස් මාලිගාවට
බෝංචි වැල දිගේ..........


රිංගුවා මදිවට
මලු බැඳන් මගෙ
රත්තරං කාසි ......
කුදලගෙන මගෙ
කප්පරක් වටින
රත්තරං බිජු
දෙන කිකිළි ....


දෙන්නට හිතට
පොඩි සොමියක්
නිවන්නට මගෙ
ගතේ වෙහෙසත්
බාරියක් නැති මට
ලගින් රැදි
වීණා පොජ්ජත්
ඩැහැගෙන
පැන ගිය පල් හොරා

ජැක් !!!



ඔක්කොමත් හරි
වීරයා උනා උඹ
යෝධයා වුණු
මා මරා දැමු පසු...

අසාධාරණයි ඕයි !                                                        

Monday, February 8, 2016

කවි පැටික්කියො

සුන්දර 
සවස් යාමයක
දත කට දෙක 
මැදගෙන ;
සැදී පැහැදී පේවී 
ඔප මට්ටම් කළ 
මේසයක 
අලුත්ම 
පෑන් පොඩ්ඩකින් 
වටිනා කඩදාසියකට 
බලෙන්ම වගේ 
ඔබ්බවන 
මහා කවි 
සොඳුරු නැත 


කලබල මැද්දේ 
සෙනග පිරි 
බස් කට්ටේ 
තෙරපි තෙරපී 
ඉන්න අස්සේ 


එක සැරේ 
සැරේට 
මොළ ගෙඩියට වැදි 
සිතුවිලි කළඹන 
හෙණ ගෙඩියක් නිසා 
හමගිය 
බස් ටිකටය 
තුරුල්ලට 
හොරෙන්ම 
දගකාර කමට 
ගොඩවෙන 
ඒ සොඳුරු 
කවි පැටික්කියො තරම්........                               

Friday, February 5, 2016

ටොක්ක​

පාට කරගෙන
තොල් රතු
දසඅත
නයන කැල්මන්
බෙදමින්....                                                

තතන තතනා
පූස් ගමනින්
 නතු කර ගනිමින්
සලෙලු සිත්.....                                                  

පද්ද පද්දා
ලැම
ගස්ස ගස්සා
ඉඟ....                                                                
මා අසලින්
ලතා පාමින්
ඇදුන
මන බඳනා
රුසිරු ලියේ,                                                          

මූණට
මුලිච්චි වූ නිසා
නිකන් තියෙන
හිනාවෙන්
ඩිංගක්
දුන්නමත්
උඬගු මානෙත්
හිස තියාගෙන
ගස්සා ගිය
නුඹ ;
කොමළ ලඳුනක
වුවද උනුනට
කැතම කැත
වැඳිරියක් දැන් මට.......​