පැණි පෙරන මීමැස්සන්ද ,
පෙති තලන බඹර සේනාද අතර ,
යම් සෙනෙහෙබර ඇසුරක් සොයන
ආදරය පමනක් සුවඳ අල්ලන
අවිහිංසක කුහුඹුවෙකු
සිටිය නොහැකිද තනි වූ
මිහිමත විශ්වයේ
කොහේ හෝ තැනක යම්......
ආදරයට කොන්දේසි නෑ...." මෙහෙම උනොත් මම ආදරෙයි , අරම උනොත් මම ආදරෙයි " කියල කියන්න බෑ...ආදරය හුස්මක් වගේ..ඔව්..ඇත්තටම හුස්මක් වගේ....ඒ දෙය අපිව ජීවත් කරවනවා.....ආදරය දැනෙන දෙයක්...ආදරය දැණුනාම ආදරය වෙනවා....එහෙම තමා ආදරේ....එහෙම දැනෙන , හැගෙන තැන තමා ආදරේ තියෙන්නෙ..පවතින්නෙ...මට හිතෙන විදිහට there is where the love is.....
ආදරය කොන්දේසි විරහිත පරිත්‍යාගයක් බවට පත්වෙන්නේ බොහොම කලාතුරකින්...
ReplyDeleteඒකනෙ අනේ හෙනේ...මක්ක කොරන්නද ඉතින් නෙහ්?
Deleteමම හැමදාම කියනව වගේ ආදරේ යනු ජෝක් එකකි..
ReplyDeleteහම්මේ ඉතින් ...ගිහින් exam පොජ්ජට ලෑස්ති වෙයන් කොලුවෝ...hikz
Delete+++++++++
Deleteආදරෙයි අහස තරම්ම. හික්ස්, හොඳම පද හතර ආදරේ ගැන
ReplyDeleteප්‍රේමය ලොව හැමතැනම ඇති
හැමදෙනාටම හමු වෙලා ඇති
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනා ගත කිසි කෙනෙකු නැති
ලස්සනයි ජබොස්. :D
හරියටම කිව්වා සොමි පුතේ ඔයා...තැන්කෝ තැන්කෝ
Deleteආදරය කියන්නේ ආත්මාර්ථකාමී හැගීමක්...ආදරයත් එක්ක නීතිත් ෆ්‍රී ලැබෙනවා...
ReplyDeleteඑහෙමෙයි? හැක් (උඩ බිම් බලමින්....) කොරලම බලන්න වෙයි වගේ...
Deleteඅනේ මන්දා බොසා. ආදරයට බන්දේසි නැහැ කිව්වට අන්න එක මීහරෙක් ගිනි තියාගෙන.
ReplyDeleteආදරය සුන්දර වරදකි.......
ඔව් ළමයෝ...ඒක තමයි අනේ...සංසාරේ භවේ දුකාම තමයි නෙහ්?
Deleteඉන්න පුළුවන් ඉන්න පුළුවන්..... ඒත් පරිස්සමෙන් හරිය
ReplyDeleteහැක්....අනිවාර්යෙන්ම කුරුටුzzz....
Deleteආදරයට ඉව අල්ලන
ReplyDeleteපෙති නොතලා මල සුරකින
ජීවිතයට ඉව අල්ලන
මී මැස්සෙක් වී එන්නම්
ලගින් තියන් ආදරයෙන්
මල්පෙති මත යහන සදන්
ජීවිතයත් තුරුල්කරන්
මා එන මග නෙතු දල්වා
බලා සිටීනම්
K
ආදරයට ඉව අල්ලන
ReplyDeleteපෙති නොතලා මල සුරකින
ජීවිතයක ඉඩ ඉල්ලන
මී මැස්සෙක් වී එන්නම්
ලගින් තියන් ආදරයෙන්
මල්පෙති මත යහන සදන්
ජීවිතයත් තුරුල්කරන්
මා එන මග නෙතු දල්වා
බලා සිටීනම්
K
ලස්සනාාා......යි.කවුද බොලේ ඇලිස්?....ආ නෑ නෑ..කවුද බොලේ ඇනෝ?හික්z....කවුරු උනත් මොකෝ අනේ...reply එක පස්ට ය...
Delete