බලා හිඳී
විවරව...
පායන තුරු
සුපුන් සඳ
නුබ ගැබ.....
එහෙත්
වෙනදාට
පායන සඳට
අද දින
කරුමෙට වගේ
හදිසි නිවාඩුව....
දින අද
අමාවක
කියා යන්නට
හඳට ඊයේ
අමතක
වී ඇත....
ඒ නිසා
කවුළුව
අදත්
මග බලාන
ඉන්න හැටි...
රෑ ජාමේ
තනියම...
හේතුවක්
නැතිවම
වෙනදා
පරිදිම
සදාදරණීය සඳ
පායන තුරුම....
පව් දෙයියනේ !
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට
බලාන ඉන්න
හේතු
ඕනමද???
සදාදරණීය සඳ
පායන තුරුම....
පව් දෙයියනේ !
පණ ඇද ඇද
හුස්ම හොයන
ආදරේට
බලාන ඉන්න
හේතු
ඕනමද???
නැතිවූවිට මොහොතක්
ReplyDeleteතමන් පෙම් බැඳි කෙනෙක්
දැනෙයි අපමණ දුකක්
දළු දා වැඩෙයි වැඩි පෙමක්
ඉතින් කවුළුවේ මොහොතක්
ඉවසා සිටින් තව දිනක්
සුපුන් සඳ එයි යළිවරක්
නුඹව සනහා දෙයි තුටක්.......
ජයවේවා!!!
😊හා...එහෙනම් හා...එහෙම හොඳයි....තැන්කුයි ගොඩාක්
ReplyDeleteකවුලුවට උනත් හැමදාම පේන්න එනකොට හඳේ අගයක් නැතිවෙනවා. එතකොට කවුලුවත් හඳට වඩා රෑට පිපිලා උදේට පරවෙන සේපාලිකා සුවඳට වහවැටෙනවා.ඒ නිසා හඳවුනත් හිටපු ගමන් නෑවිත් ඉන්න ඕනේ.සමහරවිට සදහටම නෑවිත් හිටියොත් හඳේ එළිය කවුලුවට හැමදාම මතක තියෙයි.
ReplyDelete😊 ඔය කිව්වෙ ඉතින්...
Deleteඅගෙයි ලොක්කෝ............
ReplyDeleteතැන්කෝ තැන්කෝ කුරුටූzzz 😇
DeleteLassanaiiii jaboss,singlish valin kotannata unata samava hode,thava liyala thiyanno kiyawanna enavo,Jayen jaya!!!
ReplyDeleteසිංග්ලිෂ් නෙවෙයි අණ්ඩර දෙමළ හරි ටයිප් කරන්න ආපු එකම මහා පුදුමයක්....👻
Delete