Friday, May 27, 2016

කෝ කෝ කොහෙද​???

පැණි පෙරන මීමැස්සන්ද ,
පෙති තලන බඹර​ සේනාද අතර ,
යම් සෙනෙහෙබර​ ඇසුරක් සොයන
ආදරය පමනක් සුවඳ අල්ලන
අවිහිංසක කුහුඹුවෙකු
සිටිය නොහැකිද තනි වූ
මිහිමත විශ්වයේ
කොහේ හෝ තැනක යම්......
                                                                                                                                                                                




ආදරයට කොන්දේසි නෑ...." මෙහෙම උනොත් මම ආදරෙයි , අරම උනොත් මම ආදරෙයි " කියල කියන්න බෑ...ආදරය හුස්මක් වගේ..ඔව්..ඇත්තටම හුස්මක් වගේ....ඒ දෙය අපිව ජීවත් කරවනවා.....ආදරය දැනෙන දෙයක්...ආදරය දැණුනාම ආදරය වෙනවා....එහෙම තමා ආදරේ....එහෙම දැනෙන , හැගෙන තැන තමා ආදරේ තියෙන්නෙ..පවතින්නෙ...මට හිතෙන විදිහට​ there is where the love is.....
                                                                                                                                                                            

Sunday, May 8, 2016

කැකුළිගෙ පොජ්ජ​ 36+

ඔන්න ඉතින් ඉඳල ඉඳල මටත් හිතුනා 18+ කතාවක් කියන්න​...අවුලක් නෑනෙ...මටත් 18යි බොල තව ටික දොහකින්..ඔන්න ඒ නිසා ආවඩා ආයුබෝ කියලා දිග අරිනවා 18+ කතාවක්....සමහර විට ඉතින් කියවද්දි හිතෙන්න පුළුවන් අඩේ මේක​ 36+ ද මන්ද කියල​..හැක්..ඒක ඉතින් බොලාලම තීරණය කොරහල්ලා.. දවසක් කැලේ දඩයමේ ගිය මිනිහෙකුට ආපහු ගෙදර එන ගමනෙදි පාර වැරදුණා ලු.. පාර හොයා ගන්න බැරිව ඉතින් ඒ පැත්තට මේ පැත්තට ගාට ගාට හිටපු මේ මිනිහට කැලේ දරට යන ගමන් හිටපු ලස්සන වැදි ගෝමරියෙක් මුලිච්චි උනාලු....




කෙලීගෙ ලස්සනට හඳුන් පොජ්ජ කීං ගෑවත් කැලෙන් එළියට යන එක මිනිහගෙ ලොකුම උවමනාව උනා.....ඔන්න ඉතින් වැදි කෙලීව බය කරවලා හරි පාර අහගන්න හිතපු මේ මිනිහා , ඒ කැකුලිට තුවක්කුව දික් කොරලා "අඩෝ කැකුළි, මට මේ කැලෙන් එළියට යන පාර කියාපිය හොඳ හිතින්....නැත්නම් තෝව දූෂණය කොරලයි පස්ස බලන්නෙ" කියලා part එකක් දැම්මා...




ඇඹරි ඇඹරි හිටපු මේ කෙලී අන්තිමේදි තටමලා තටමලා මෙහෙම උත්තර දුන්න .."පාර කියන්නෙම නෑ.."                                                                                                                                                                                                                                                                                                                                             දැන් ඉතින් ඔන්න බඩු බනිස් ලු...කොහෙත්ම හිතපු නැති දෙයක් ලු වැදි නංගියා කිව්වෙ...මිනිහට ගියෙ මාරම චූන් එකක්ලු....නංගි පාර කිව්වෙම නෑනෙ....කොහොමෙන් කොහොමෙන් හරි ඉතින් මේ දඩයක්කාරයත් තක්බීර් උනාලු මේ කැකුලිගෙ කතාවට​...ඊළගට තමයි story එකේ හොඳම හරිය​... එක පා....රටම දඩයක්කාරයාට තිබ්බ ජොලියට​ අර දමිත් අසංකගෙ සිංදු කෑල්ලක් කියවුනා ලු..."පායන සඳේ සීතල රැයේ , පෝය වගේ හිනැහෙන්නේ....දින් තන නන දින් තන නන දින්ත නනා නා...හෝ හෝ හෝ හෝ හෝ යා...."                                                                                                                                         ඊට පස්සෙ ඉතින් මොනවා වෙන්න ඇද්ද නෙහ්?මෙතනින් එහාට කතාව ලොකුම​ ළමයින්ට විතරයි හොඳේ......36+...(හික්z..කොහොමත් නාකි මිනිස්සු නිසා ඉතින් අවුලකුත් නෑ.).හැබැයි කියවල අනං මනං talks දෙන්න නම් එපා පොඩි කමට ජරා කතා ලියනවා කියලා...ඔන්න එහෙනම් එක උනේ මෙන්න මෙහෙමයි...... සිංදුව කියාගෙන හෙමින් හෙමින් දඩයක්කාරයා කෙලි පැටික්කි ලගට ගෑටුවලු..ඔන්න ඉතින් ගෑවෙන්න නොගෑවෙන්නම ලගටම ගියාලු...ඊට පස්සේ වුනු ටික කියන්නයි මේ යන්නෙ...ඔන්න ඊට කලින් ආයෙත් මං මෙහෙම කියන්නම්.....මේ ටික අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඕං.....හා හා මෙන්න අහගන්නකො...                                                                                                                                                                                                                                                                                                                                            ඔන්න ඉතින් දඩයක්කාරයා එයාගෙ හුස්ම අර වැදි පැටික්කිට දැනෙන තරම් ලං වෙලා මෙන්න මෙහෙම බඹරෙක් වගේ මුමුණනවලු..වැදී කෙලී රතූ....වෙලාලු...ලැජ්ජවට එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ගස්ස ගස්ස පද්ද පද්ද ඉන්නවලු.මිනිහටත් දැන් ඉතින් මේක තවත් හිර කරන් ඉන්නම බැරිලු..අහන්නම ඕනලු (හික්z...feelings control කර ගෙන ඊළග ටික කියෙව්වනම් ඇගට ගුණයි ආ...ආයෙ නොකීවැයි කියන්න එපා..හරිය​?)                                                                                                                                                                                                                                                                                                                                                   "නංගි, මං මෙහෙම ඇහුවට ඔයා මුකුත් හිතන්න එපා....මට මේක හංගගෙන ඉන්න තවත් හිත දෙන්නෙ නෑ..අපි මොකටද නිකන් අපේ හිතේ තියෙන දේවල් හංග ගෙන ඉන්නෙ නෙහ්?මෙහෙමයි නංගි...අනේ වැරදියට නම් හිතන්න එපා....මගේ හිතේ මේක තවත් හිර කරගෙන ඉන්න මට බෑ....මට තේරෙන්නෙ නෑ ඔයාගෙන් මේක කොහොම අහන්නද කියලා...ඒත් මේ අවස්ථාව මග හැරුනොත් අපරාදේ....මම කැමතියි ඒ නිසා මේ දේ අහන්න​...ඔයා කොහොම මං ගැන හිතාවිද දන්නෙ නෑ...ඒත් මම කොල්ලෙක් නෙහ් නංගියා...ඉතින් ටිකක් තේරුම් ගන්න​...මගෙ කොලු කමට මං මෙහෙම අහනවා කියල හිතන්නකො...ඔන්න ඉතින් මටත් මොකක්ද මොකක්ද වගේ ...ඒත් තවත් නම් ඉවසන්න බෑ...අනේ නංගියෝ...බෑ කියන්න නම් එපා....මේ අහන්නකො...මං හරි ආසයි ඔයාගෙ එක දේකට​...ලැජ්ජ වෙන්නෙ නෑ මං මේක අහන්න ඔයාගෙන්....මං හිතනවා ඔයා මාව තේරුම් ගනීවි කියලා....නංගියා...ඒ දේ ට මං වශී වෙලා ඉන්නෙ...මං තව ඕවා දැකල තියෙනවා...ඒත් හිත ඇදිල ගියෙ ඔයාගෙ එකට විතරයි....මට කියන්නකො....ඔයා ගෙ ඒ දේ ලස්සන වෙන්න රහස මොකක්ද නංගියා....අනේ...මට රහසින් ලංවෙලා කියන්න​...ඔයාගෙ ලස්සනම ලස්සනම ලස්සන ලස්සනම ලස්සන දේ ගැන​......මට තවත් නම් මේක අහන්නෙ නැතිව ඉන්න බෑ නංගියා....ඔයා මට පාර නොකිව්වත් කමක් නෑ...කරුණාකරලා මට මේ දේ විතරක් කියන්නකො  ලං වෙලා...ඔයාගෙ ඔය සුදුම සුදු , දැක්කම හිත ගැස්සිලා යන , ලස්සන කිරි පාටට තියෙන​..ඔය දත් සෙට් එක ඔයා මදින්නෙ පොල් මුඩ්ඩකින් ද​????" හැක්...උඹලටත් ලැජ්ජ නෑ නෙ ගොයියො..දොඩම් ගෙඩි 2ක් තරම් වත් උස නෑ....පල පල​..තව ලොකු වෙලා වර​..ආවා මෙතන 18+ කියවලා ආතල් ගන්න​​..ගිහින් වැඩක් බලා ගනිල්ලා බන්...මං මේ කියන්න දෙයක් නැතිවට කිව්වේ..මං දන්න 18+ එකක් නෑ බොල​....ඔන්න​ කියවන්න මොනවමහරි දෙයක් ලියලත් අනං මනං දාර්ශනික talks  දීගෙන ආවොත් ඉතින් කොටනවා දෙබෑ වෙන්න​...හික්z....ඔරව ඔරව යන්න එපා ඉතින්...මොනවමහරි ලිව්වනෙ ඔය පොජ්ජවල් කීං ගාන්න. හැක්

Wednesday, April 20, 2016

attack එකටම​ ලියපුවා..හැක්


නරියා මං*

සඳවතිය මොනවදෝ කියනවා
ආයෙ ලගට එන්න වගේ
අහස ලහි ලහියේ
වළාකුළු ආවරණ රැස් කරනවා
අයේ හිටපු තැනටම යන්න වගේ
.......බොරුව​.......
දෙන්නගෙම බොරුව....
ආයේ මම ගනන් ගනී කියල තමයි බය...
එව්ව ඉතින් හඳේම තමා !!!
හුක්කි හුක්කි හූ.................


අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒක​ අම්ල වැස්සක් උනොත් ..
තුවාල වේවි මුලු ඇගම
මගුලෙ තෙමෙන්නෙ ගිහිං
ඒ නිසා ඕන නෑ...                                                                      

Sunday, April 10, 2016

friendship පොජ්ජ

හ්ම්ම් හ්ම්ම්...බකමූණෙක්...හික්.....කලකට පස්සේ වෙලකට බැස්සෙ වගේ හැගීමක් දැනෙනව ඔන්න මට​....ඔන්න get ready වෙන්න ළමායි.....සූට්ටක් විතර කච බච ගාන්නයි මං ලෑස්ති වෙන්නෙ....පුළුවන් නම් අහන් ඉන්න​....බැරි නම් ඒත් අහන් ඉන්න​..හික්z....කියන්න තරම් දෙයකුත් නෑ ඉතින්...ඒත් මොනවහරි කිව්වෙ නැත්නම් කෑවෙ නෑ වගේ..යාළුකම ගැන කියන්න හිතෙනවා දැන් මට ඔන්න​..මෙහෙමයි....දැන් කාලේ බෙහෙතකටවත් හොයාගන්න බැරි කස්ටියක් තමයි හොඳ යාළුවෝ කියන්නෙ...හොඳ මිතුදමක් fit එකේ අරන් යන්න luck එක තියෙන්නෙ කීයෙන් කී දෙනාටද​....good friendship එකක් කරගෙන යනවා කියන්නෙ මට හිතෙන විදිහට තමන්ගෙ ඇගේම පිප්පි කර ගන්නව වගේ වැඩක් ...මොකද කිව්වොත් හැමෝටම වගේ ඒ දේ දකින්න පුළුවන්..ඒත් ඒ උණුසුම් හැගීම විඳින්න පුළුවන් වෙන්නෙ ඇගේ පිප්පි කර ගත්ත කෙනාටම තමයි..(එහෙම උනා කියල දැන් ඇගේ පිප්පි කොර ගන්න එපා හොඳේ...හික්z)                                                                                                                                                                                                      යාළුකම කියන දේ විඳින්නම ඕනේ ඒ හැගීම දැනෙන්න​....හොඳ යාළුකමක් feel වෙන්නෙ කොහොමද කියන එක යාළුවො දෙන්නෙක් දිහා බලන් හිටියා කියල තේරුම් ගන්න බෑ...ඒක එක හිතින් විඳලම බලන්න ඕන දෙයක්... ඔයගොල්ලො දුක් වෙන වෙලාවට ඔය ගොල්ලොන්ගෙ කඳුළු පිහිදාන අය ඉන්නවනම් ඒ අය තමයි යාළුවෝ කියන්නෙ....ඔයාගෙ දුකට හේතු වුනු , ඔයාව රිද්දපු අයට නෙලන්න සවලක් අතින් අරන් ready වෙලා ඉන්න අය ඉන්නවනම් ඒ තමයි හොඳම යාළුවෝ...(ආ....දැන් තේරීගෙන එනවා නෙහ්? හික්... ඒ මට හිතෙන හැටි හොඳේ ) තමන්ගෙ life එකට හැමදාම හරි අයව ලං කරගන්න​......අපිට ඕනේ කව්ද කොහොම අයද කියල හොඳට හිතල තීරණය කරන්න​....මතක තියාගන්න​..වැඩි දෙනෙක්ට ඕනේ ඔයාල එක්ක Pajaro එකේ Limo එකේ නැගල යන්න​....ලං කර ගන්න කොට Pajaro , Limo break down උනාම ඔයා එක්ක bus එකේ එකට වාඩි වෙලා යන්න ඔට්ටු අයව ලං කරගන්න​...එතකොට වරදින ප්‍රමාණය අඩුයි.....උපදේශන සේවයක් වගේ උනා නම් සොරි වෙන්ට ඕනෑ...හික්z....(දිග වැඩි වේගෙන එන නිසා මට බැන බැන කියවනව ඇති නෙහ්??) හා හා...හරි හරි...ඔන්න මං වහගත්තා මගේ කට​...tataaaaa        


Plzzz මචෝ !

රළු පොළොවේ
ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නැති
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන
බාටාවක් නම් උඹ​
අනේ plzzz
ගැලවිලාම පල​..........

Friday, March 18, 2016

සාස්තරකාරී

රතට රතයේ තියාගෙන
පොල් සයිස් පොට්ටුවක්.....
සුවඳේ බෑ ගැටපිච්ච මල් වැල
ඉහේ රඳවා සිටින​.....

පටලවාගෙන 
සාරියක් ඔහේ 
දේවාල දොරින් 
මුරුගන් වඳිමින් 
එලි බසින 
මලයාලම් රුවැත්තියේ...... 

අල්ලේ ඉරි මත  
තබමින් ලෝකය 
නටවමින් 
අංජන තැවරූ 
දෙනෙත් පොඩි....                                    
නුඹ, 
වාසනාව 
කියාලා දෙන අපූරුව​...... 

"එන්න නෝනා මාත්තියා 
ආමු සාත්තරයක්" 
 හඬගාන 
අපූරුව නුඹ​...... 

අතට ලැබෙන්නේ 
තුට්ටුවක් වුව 
 දහස් වාරයක් 
පිං දෙයි නුඹ 
ගරු කටයුතු 
ඇත්තියක් ලෙස.... 

බිංදුවක් 
නොයා නපුරට 
ගින්දරක් සේ 
ඇදෙමින් ......
සතුව ඇති 
වාසනා ගුණයෙන් 
කියයි නුඹ 
සාස්තර...... 

කප්පරක් දෙවි 
ආනුභාවෙන් 
ජාත වූ නිසාම 
වෙන්ටැ ඇත්තේ 
නුඹට මේ වරම් 
කියන්නට සාස්තර​....... 

"සාස්තරකාරි සාස්තරකාරි !!" 
කිව්වට හැමෝම 
තැන තැන  
අමුතු අමුතු විදිහට 
එක වගේ විකාර 
ගැහැනු මොඩල් අතරේ 
නුඹ මට 
අරුම ගැහැනියක්......
                                                        
                     

Thursday, March 3, 2016

එතකොට එදාට​?

තියෙනවා මට 
ලොකුම ලොකු
ලොකූ......ම ලොකු
ඉල්ලුමක්.........
වටිනවා මම​
ගොඩම ගොඩම
ගොඩ.......ම ගොඩාක්......


කාලෙකට කස්ටිය
දෙනවලු ෆුල් ගේමක්
හොයාගන්න
මං වගේ කෙනෙක්.......


ඒකට හේතුව​???
රාහු.................


රාහුට පිංසිද්ධ වෙන්නලු
වටින්නේ මාව​
ෂුවර්මත් නෑ........
ඒත් කියනවා ඇහෙනවා
එහෙම හැමෝම​
විශ්වාස කරනවා
මාත් ඉතින්
ඒ අය මලසුනේ
මටත් ඉඩ දෙන නිසා.........


බැලුවම හරිනෙ කතාව​
නෙළුම් වගේ නෙවෙයිනෙ
අපල දුරු කරනවනෙ මං
බැලුවෙ මම කවුරු කියලද​?
කියන්නත් බැරිවුණා
මම වැටකෙයියා මල​.........

දැනට නම් වටිනවා
"ඉස්සරහටත් එහෙම වෙයි"
කියල හිතනවා
ඒත්
රාහු නැතිවුන දවසට​?
එතකොට එදාට​???


නිවාඩු පාඩුවේ
පරවෙන්න කලින්
කොහොමහරි
හිතල කියන්නම්
බැරිම උනොත්
ගොතල හරි කියන්නම්

ඒක එදාටනේ.......

Wednesday, February 24, 2016

අවසන් ඉල්ලීම​

මලේ......මලේ......
ඉවසනවද
ඩිංගිත්තක්
සමනළයෙක්
වෙනකං මං......
තාමත් දළඹුවෙක් නිසා
කල් යයි ටිකක්
සමනළයෙක් වෙන්නට
මට...........


ඒත් ඉතින්
සමනළයෙකුගෙ ප්‍රේමය
ඉවසන්නෙ
කොහොමෙයි නේ?
රොන් බොනකොට ඌ
හැම මලකින්ම
රොන් බිව්වොත්?

මලේ.....මලේ.....
තටු සිඳුණු දවසට
සමනළයාට
පියාඹන්න බෑ
තව තවත්
දුර ඉතින්....


ඉතින් එදාටවත්
නැති වෙන්න යන
මගෙ පණ කෙන්දට
නිදහසේ සැහැල්ලුවේ
මටත් නොදැනිම
යන්න දෙන්න​
නිකමට....
උදව්වට​.....
නෑ.....
හිතවත් කමට වගේ.....
නෑ නෑ ආදරේට
ඔව් ආදරේට​......

පිපෙනවා නේද
ඒ දවසට
එකම එක
මොහොතකට හරි
මේ හිත්පිත් නැති
සමනළයා නමින්
බෑ නොකියා මගෙ
මලේ නුඹ​?

                                                                                  

Tuesday, February 16, 2016

අසාධාරණයි ඕයි !

හෙමින් හෙමින්
මහන්සියෙන්
හැදුවා මම
මාලිගයක්......
ඒකත් හැදුවෙ
අහසෙ....
කාටවත් නොවී ඉන්න
ඇණයක්...
මල වදයක්.....


කොරන්ට යමක්
නැති නිසා වෙන්ටැ
රිංගුවේ මගෙ
අහස් මාලිගාවට
බෝංචි වැල දිගේ..........


රිංගුවා මදිවට
මලු බැඳන් මගෙ
රත්තරං කාසි ......
කුදලගෙන මගෙ
කප්පරක් වටින
රත්තරං බිජු
දෙන කිකිළි ....


දෙන්නට හිතට
පොඩි සොමියක්
නිවන්නට මගෙ
ගතේ වෙහෙසත්
බාරියක් නැති මට
ලගින් රැදි
වීණා පොජ්ජත්
ඩැහැගෙන
පැන ගිය පල් හොරා

ජැක් !!!



ඔක්කොමත් හරි
වීරයා උනා උඹ
යෝධයා වුණු
මා මරා දැමු පසු...

අසාධාරණයි ඕයි !