කියාගන්න බැරි
ගොඩක් දේවල්
මලු බැඳන්
ඉන්න හැටි
මගෙ හිත...
ඒ එක එක
ලිහා බලන්න
අත තිබ්බත්
පපුවට...
හැමදාම දැණුනු
ලබ්ඩබ් හඬ
විතරමයි
ඇහෙන්නේ....
දැනෙන්නේ.....
මේක නම්
වෙන්න බෑ.....
විශ්වාසත් නෑ...
හිටු ටිකක් මං
රැගෙන එමි
හොඳ කැපෙන පිහියක්...
රැගෙන විත්
හද පලමි
සැක දුරු කරනු වස්...
හිත !
ඔන්න උඹ මාට්ටු
එතකොට මම??
ලබ් ඩබ් ලබ් ඩබ්
ReplyDeleteලබ් ඩබ් ලබ් ඩබ්
කොහොම ඇහුවත්
කොහොම බැලුවත්
මගේ රහස් මලු
විවර නොකරමි නුඹට
මා කපා සිදුවත්
ඒ රහස් රහස්මැයි
කියනු මැන ඉතින්
නුඹට සතුටුද දැන්......
ජයවේවා!!!
හික්...සතුටු නැතිව තියෙයිද මෙහෙව් පිළිතුරු කවි කොටලා යනකොට?
Deleteඑය එසේමමැයි නොවේද
ReplyDeleteජයවේවා
අන්න ඒකනේ....ජයෙන් ජය !
ReplyDelete