Friday, January 5, 2018

හීනයක් !



හිතුවෙවත් නැති 
මොහොතක​
නුඹ ආවේ
ආදරය මළු ගණන් 
පුරෝගෙන​......

ඉන්පස්සෙ එකදිගට 
කලබල හාදු ගොන්නක්
ආදරේ උතුරන​......

ඊටත් පස්සෙ
තවත් හාදු ගොන්නක් 
මගෙන් 
මගේම නුඹට​......

හාදු සටනේ කෙළවර​
මම පැරදුණේ
හරි ආදරෙන් ඔබට​...

ගුලිවෙවී අපි කතාවුණේ
අපේ හීන කන්දරාව ගැන​....
එකට මවන අපෙ ජීවිතේ ගැන​.....
.
.
.
.
.
.
.
.

"ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං"

වදින කොටයි එලාමය​
ඇහැරුණෙ 
හීනයක් බව දැන​....

කිරිල්ලී ,
.
.
.
ඒක හීනයක් !
හැමදාටම හීනයක් !
විඳින විඳවන හීනයක් !

Saturday, December 30, 2017

හැංගි මුත්තු



මැණිකෙ ,

මේ බැඳීමකට එහා ගිය හැඟීම​
ආදරේ දැයි නොවිමසාම​
හැමදාම මග බලන ඇස් 
මගේ....

සමීපව දැනෙනකොට​
හංගාන එය හිත යට​
සිනාසෙන ඇස්
නුඹේ....

ආදරේ යැයි කියන්නට​
නිතර නිතර සිත්වෙන​
අමනාප වෙත් දැයි බියෙන්
නොකියා නතර වෙන හිත
මගේ....

ඒ සෑම මොහොතකම​
මගේ හිත කියවන​
තත්පරෙන් තත්පරේ 
මගෙ හිතට ලංවෙන හිත​
නුඹේ....

මිතුරුදම පහු කරන්
නුඹ මගේ යැයි නොකියා කියන​
නුඹෙත් මගෙත් ලොව තුළ​
අපි හැමදාම අපේ.......

Sunday, October 29, 2017

හුස්ම සරි වූ ප්‍රේමයක්



තවත් අවුරුදු ගණනකින්
සැඳෑ සමයත් ලංවේවී
දිවි ගමන කෙළවරේ
මතක පොත් පිටු පෙරලේවී.......


හුදකලා නිවහනක​
පෙරදාක මතකයන්
මගේ මේ පන්හිඳෙන්
නුඹට කවි ගීත වී
හැමදාම ලියවේවී.....


මුණුබුරන් වට කරන්
කියද්දී කතන්දර​
බලාගෙන මයෙ මැණිකෙ
වැරදිලා හරි අපෙ කතාවත්
ඔය කටින් කියවේවී......


නන කැඩුණු කුඩේ ගෙන​
යද්දි හවසක පාරේ
බිම්මල් පිපෙන බංකුව උඩ​
කවුරුවත් දන්නැති පාරේ
අහම්බෙන් හරි හම්බෙන්න​
බලා ඉන්නම් දේවී.....


එලවලා අඳුරු ගොම්මන​
කැඳවලා පහන් රැය සුන්දර​
හංගලා හීන කප්පර​
මතක තුරුලේ දරාගෙන​
දෛවයක විස කටු උඩින් අපි
යන්ට යමු ලෝකෙන් බේරී......

Monday, June 26, 2017

To ද​ කිංග්ස් ඔෆ් Shit 🖕



සම(හරක්) පිරිමින්
වසති මේ ලොව​
ඔලු ගෙඩි උදුමවාගත්
තමා පොර යයි සිතාගත්.....


වට කොරාගෙන​
ඉන්න පලියට
රොතු පිටින් ගෑණු
ලිගු වට ;

අනේ පව් උන්
හිතාගෙන ඇති
උන් මහා රජවරුන්
විලසට​....


ආත්මය වෙත බැඳී
ඒ ආදරය සුරකින​​ ,

පේවී දිවි හිමියෙන්
ඒ නමින් දිවි පුදදෙන​ ,


කප්පරක් උතුම් බං
යස ඉසුරු නැති
සෙබළ තැන​ ;

මේ හැතිකරේ වගෙ නොව​
ඒ වගේ විරුවන්
වටේටම පුප නොම​ දෙන​......

රජුන් කියලා
හිතන ඔටුවනි...
උඹලා කොර පඹයන්....
ඕන පුප් කෑල්ලකට​
වහ වැටෙන උඹලා
කොඳු වකුටු වූ නිවටුන්.....


අන්තඃපුර පැටව් ගහන
හැම එකටම ටෝක් කරන​
උන් එක්කලා පැණි බේරන​​
ආත්මයක් නැති උඹලා
ගොන් කේප්ප වස්සන්......


ගෑණු රෙද්දක්
දකින හැටියේ
ඇමිනිලා එහි
ඇලි ඇලී යන​
තුහ් නොදකින්
නුඹලා වන්
වසුරු ගඳ​
පැණියන්.....


හදවතක් නැති
අධමයනි !

උඹලා නටනා
නාඩගම් ,
අල්ලනා කස්තිරම් දැක්කම​

ඊයා බං
ලැජ්ජයි....😆

ගොබ්බ සක්විතිල ට  වැදියන්.....ඩාං......


Sunday, May 28, 2017

සිත නිවෙන තැන​

මගේ කියලා නැති වුණාට​
බෝ පැළයක්...

මගේම කියලා තියේ මට​ ;

දවසින් දවස ආදරෙන්
නිලට නිලේ දළුදාන​

ලි සයිස් ගහක්​....



ගිම්හානෙක වුණත්
කොළ හැලිල හැඩි නොවෙන​
බිඳුණු හිත සනසන​
සැනසීම විතරක්ම මට දෙන

දරණීය​ ගහක්....



මං වෙනුවෙන්  මල් පූදන​
ඒ සුවඳින් හිත පුරවන​
ආත්මයට සිහිල ඉහින

පිස්සු කෝළම් ගහක්....



මගේ හිත දන්න​
දුකට ලග ඉන්න​
මගේ දිවියට හුස්ම පිඹින​

ගේම කියලා ගහක්​.....



පෙරදාත් පැතුව​
මෙදිනත් පතමින්
හැමදාමත් පතන​

කාටවත්ම
සම කරන්න බැරි

ජීවිතේ ගැඹුරටම​
සෙනෙහසේ
අක්මුල් විහිදුවන

හ පුදුම ගහක්......



මගේ සිහින පරිස්සමට​
අතු අස්සේ රැකගන්න
මගේම මගේම මගේම වුණු

රූස්ස ගහක්​....



හැමදාම දැවටෙන්න හිතෙන​
සෙවණින් මාව රකින​
මේ විශ්වයේ තියෙන​
පුදුම හිතෙන දේ......

ලියල නවතන්න​
හිතෙන්නෙම නැති
කොච්චර ලිව්වත්
කියන්නත් බැරි
මටම  හිතා ගන්න බැරි
ජීවිතේ හොඳම දේ....

ගේ මැජික් 🌳

ලෝකෙටම එකයි
ඒක මං ගාව​...........​



Sunday, April 30, 2017

වසන්තය එනවා සත්තයි


අහස ඊයේ ලියා ලියුමක්
පොලෝ තලයට සෙනෙහසින්.....
කියා එව්වා වැස්ස සමගින්
වසත් කල ලඟ එන බවක්.....


ඒත් එක්කම ලියා තිබුනා
මෙහෙම වෙන්කොට  එහි ඉඩක්....
මගේ ආදර මහී කත මෙය​
ලියමි නුඹ වෙත ස්නේහයෙන්...


එකෝමත් එක අඳුරු දවසක​
තරහ වී පෙම  දුර ගියත්.......
මෙතෙක් කල් නුඹ බලාසිටි හැටි
මට දරන්නට බැහැ තවත්.....


පැතූ මුත් මා සෙනේ සිසිලක්
නුඹව නොතකා ඔවුන් ගෙන්.....
ඉර, සඳත් එහි තරු කැටත් නැහැ
හැඳිනුවේ මසිතෙන් බිඳක්....



දුරින් උන්නත් නුඹ තරම් මට​
දැණුනෙ නෑ වෙන කිසි කෙනෙක්....
නුඹ වගේ නෑ හැඳිනගත්තේ
ප්‍රේමියේ උන් මගෙ සිතුම්....


කියා එව්වොත්  වලාකුළකට​
මටම නුඹ හිමි වන බවක්....
අපට පුළුවනි පටන් ගන්නට​
අපෙ කතාවත් මුල ඉඳන්...........


පෙරදි ආලය හැඳින නොමගත්
මහා පාපෙත් කර තියන්...
නුඹට ප්‍රේමෙන් ලියූ මා මේ
සදාදර නුඹෙ නුබ ගැබයි....



Friday, March 31, 2017

සේකර මං ඔබට ආදරෙයි....💖

හැගුම් වැසි හැමදාම​
ටොන් ගණන්
සිත් මලට වැටුණත් ;



ඒ වැහි කැට​
අකුරු කරන්නට​
මා දත කන​
අන්දම්​......



වෙන් කොට බෙදා
හඳුනා ගත නොහී
තටමනා විට ;



මටත් වඩා අගනෙට​
මගේ හිත් මලට බට​
හැගුම් වරුසා පොදි
සේකරයන් මොනවට
හඳුනා ගෙන ඇති
අන්දම්.........



දිනක්
සේකරයන්
මටම කියා
ලියා තැබූවාද​
මෙපරිද්දෙන්
මේ ලෙසට​....



ඔහුත් පෙලුණාද​
ඔහුටත් දැණුනාද​
පෙර දිනක​
මෙපරිද්දෙන් 
මෙලෙසටම​....



හැගුම් වචනෙට​
පෙරලන්න වලි කන
මගේ මන ඔහු
​හැඳින ගත්තද​
පෙරදාම.....



"දහස් මුවෙකින්
නැගෙන ඔල්වර​
සිනාහඬ දසතින් ඇසේ....
දහස් ගණනක්
සෙනග අතරේ
මහා
තනියක්
මට දැනේ......"



ඔව් සේකර ,
ඒක තමයි.....
අපි පැනලා යමු !



Monday, February 13, 2017

මර බිය

මියෙන්නට නම්
බය නෑ මම​....
කිව්වට එහෙම​
බයක් නැත්තෙත්
නෑ මට​.....


එහෙව් මා තුළ​
මේ සෑම බියක්ම​
පරදවා නැගෙනා
මිනීමරු බියක් ඇත​....


ඇත්ත තිත්ත වූවත්
මෙතරම් තිත්ත යැයි
සිතුනේ නැත​
    දැනුනේ නැත​......


නරිච්චියෙක් වුණා නම්
කියන්නට තිබුනා
හීනියට නොදැනෙන්න​
ඇත්ත තිත්ත නොව 
ඇඹුල් රස බව​......


ඒත් තිත්තටම​
දැනෙන මේ
අමිහිරි ඇත්ත​
මග හැරලන්නට​
මගක් නැත මට
      පූරුවේ කළ පවකට​......


තිත්ත වනවා වෙනුවට
ඇත්තට තිබුණා
ටිකක් විතර​
ඇඹුල් වෙන්න​....
එතරම් 
අමිහිරි නොවෙන්න​.....


එහෙත් 
තිත්තම තිත්ත ඇත්තක්
මා ඉදිරියේ
දිග හැරෙන දින​
පේන දුරින් හිඳ​
  මට විරිත්තන හැටි......


ආවොතින් ඉදිරියට​
හැප්පුණොත් කෙලින්ම​
අම්මා පල්ලා
කඩනවා මං
ඇත්ත තොගෙ අඬු....
උගුල්ලනවා මං
තොගෙ ඇස්....


එව්වා එහෙම වෙද්දී
ඒ මරණීය ඇත්ත​
එලි බහින්නට​
දින ගනිද්දී
ඔන්න මරුවට​​
තේරුනා යසටම​ 
බෝවෙලා බව​
මාරාන්තික බිය මට​!


මගෙනුත් නාහා
මගේ හිත​
තුරුල් කරගෙන​
ඒ මිනීමරු බිය​....
හුරතලෙන් හාදු දෙයි
ඒ අමිහිරි ඇත්තට​
කොනිත්තා මගෙ මන​.....


මැරෙනවා !
අපි හැමෝම​....
හත්තිලව්වේ
ඒක කරුමෙට​
දන්නවා මම....


ඒත්
කෙදින හෝ
නුඹේ දකුණතේ
වෙඳැගිල්ලේ 
වෙලෙන්නට නියමිත​
ඒ රන් මුදුවෙන් ;


පරාවර්ථනය වී
එන රශ්මි කදම්බය
පුළුස්සා දවා
අළු කර දැම්මොතින්
මගේ හිත ???


සමාවනු මැන !
දස දහස් වතාවක්
සමාවනු මැන​....
ඒ බිය ඇතිව​
මියදෙන්නටයි 
මේ තරම්
බය මම​......


ඒත් ඒ මුදුව​
නුඹේ වග දැනෙන විට​...
ඉන් නිකුත් වූ කිරණ​
නුඹේ දිවියට​
එළි ගෙනෙන​ වග
හැගෙන විට​...


මෙලොව මිහිපිට​
අපරිමිත සතුටෙන්
මියැදෙන
මිහිදන් වන
වාසනා ඇත්තී
කවුරුවත් නොව
මේ නුඹේ මමම ය​...