දවසක
ගඟක්
හඬාගෙන ඇවිදින්
කිය කියා දුක
වැළපෙන කොට;
ඒ කඳුළු
පිසදුවාලූ
නිල් පාට සයුර
වචනෙකින් වත්
දොසක් නොකියාම
වැළඳගෙන
ඔහුව තුරුළට.....
සැනසුවාලූ
ඔහු සිත
රිදෙන්නට
නොතබමින්
කිසිවිට ඉඩකඩ.......
සයුරු රළ දුක
බුර බුරා
නැගුනු දින වල
තනිව ඉවසා
සගවා කඳුළු
වතුරේම
දිය කොට
හැරියා වූද
මහ සයුර.....
ඉවසා ගත නොහී
දරා ගත
නොහැකි වූ සඳ
ඒ වේදනා සාගරේසෝ දුක්
දෝර ගැලූ කළ....
වඩදිය ඔස්සේ
ජල කඳක් ව
ගොඩ ගැලූ කළ....
ඇගේ කඳුළු දිය
භාර ගන්නට
ගඟේ හදවත
තෙත් වුණේ නැත..
එදින සිට
හෝ ගාන
ඉකි බිඳුම
ඇහුණා
වරු ගණන්
හවසට...
ඒ නිසා
වෙන්න ඇති
මහ සාගරේ
සයුරු දිය
මේ තරමටම
ලුණු රස....