Tuesday, January 3, 2017

තොණ්ඩුව​



එකෝමත් එක
දවසක​
ගඟක්
හඬාගෙන ඇවිදින්
කිය කියා දුක
වැළපෙන කොට​;

ඒ කඳුළු
පිසදුවාලූ
නිල් පාට සයුර
වචනෙකින් වත්
දොසක් නොකියාම​
වැළඳගෙන​
ඔහුව තුරුළට​.....
සැනසුවාලූ
ඔහු සිත​
රිදෙන්නට
නොතබමින්
කිසිවිට ඉඩකඩ​.......

සයුරු රළ දුක​
බුර බුරා
නැගුනු දින වල​
තනිව ඉවසා
සගවා කඳුළු
වතුරේම
දිය කොට​
හැරියා වූද
මහ සයුර​.....

ඉවසා ගත නොහී
දරා ගත 
නොහැකි වූ සඳ​
ඒ වේදනා සාගරේ
සෝ දුක්
දෝර ගැලූ කළ​....
වඩදිය ඔස්සේ
ජල කඳක් ව​
ගොඩ ගැලූ කළ....​
ඇගේ කඳුළු දිය​
භාර ගන්නට​
ගඟේ හදවත​
තෙත් වුණේ නැත​..

එදින සිට​
හෝ ගාන​
ඉකි බිඳුම​
ඇහුණා
වරු ගණන්
හවසට​...
ඒ නිසා
වෙන්න ඇති
මහ සාගරේ
සයුරු දිය
මේ තරමටම​
ලුණු රස​....

6 comments:

  1. මේ වසරේ පැල්පතේ මුල්ම කවිය නිසා 2017 ට සුභ පතනවා.
    මේක කියවද්දී හිතට අමුත්තක් දැණුනා. ඒක දුකක් වේදනාවක් වගේ දෙයක්. අපූරුයි ලොක්කියේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා දුමී මහත්තයා....සුභම සුභ අලුත් අවුරුද්දක් ඔයාටත්...හැක්....වෙනසකටත් එක්ක හා හා පුරා කියලා පැල්පතේ හොටු ලාටු ටිකක් උලලා බැලුවා....තැන්කූ හොඳේ ගොඩාක්...😊

      Delete
  2. Replies
    1. බෝම ස්තූතියි අටම් මහත්තයා...😇

      Delete
  3. Replies
    1. අනේ තැන්කුයි රස්ති ඈ...😉

      Delete