Sunday, December 25, 2016

උත්තේජනය​



සේපාලිකා කුමුදු
මල් පිපුණේ
සඳ එළියේ
සිසිලට මිස​
කණාමැදිරි එළිවල​
පහසට නොවේ..

නෙළුම් මහනෙල්
මල් පිපුණේ
හිරු එළියේ
උණුසුමට මිස​
පහන් එළිවල​
රස්නෙට නොවේ...

ප්‍රේමණීය හැගුම්
මල්ඵල දැරුවේ
අවංක සිත්වල​
තෙතමනයට මිස​
රුදුරු සිත්වල​
පීඩනයට නොවේ....

4 comments:

  1. මම මෙතන කමෙන්ට් කෙරුවේ
    පදවැල ලස්සන නිසා මිස
    ලොක්කිගෙ ලස්සන
    නිසා නොවේ......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම දැන්
      රිප්ලයි කරන්නේ
      මුවින් නොබැන මිස​
      සිතින් දෙහි
      නොකපා නොවේ...හැක්.....තැන්කූ හොඳේ😊

      Delete
  2. Lassannaaaaaai jabossssss digatama liyannnnnnooooo,Kalekin bossage kathaval kiyeuve nane,puluvan nam kathavakuth liyannoooooo,

    ReplyDelete
    Replies
    1. කතා කියවන්න කලින් ඔය හැංගි මුත්තන් සෙල්ලම අහවර කරන් එන්නකෝ....පාරක තොටක නම් අහුවෙන්න එපා...☠️

      Delete