Tuesday, February 16, 2016

අසාධාරණයි ඕයි !

හෙමින් හෙමින්
මහන්සියෙන්
හැදුවා මම
මාලිගයක්......
ඒකත් හැදුවෙ
අහසෙ....
කාටවත් නොවී ඉන්න
ඇණයක්...
මල වදයක්.....


කොරන්ට යමක්
නැති නිසා වෙන්ටැ
රිංගුවේ මගෙ
අහස් මාලිගාවට
බෝංචි වැල දිගේ..........


රිංගුවා මදිවට
මලු බැඳන් මගෙ
රත්තරං කාසි ......
කුදලගෙන මගෙ
කප්පරක් වටින
රත්තරං බිජු
දෙන කිකිළි ....


දෙන්නට හිතට
පොඩි සොමියක්
නිවන්නට මගෙ
ගතේ වෙහෙසත්
බාරියක් නැති මට
ලගින් රැදි
වීණා පොජ්ජත්
ඩැහැගෙන
පැන ගිය පල් හොරා

ජැක් !!!



ඔක්කොමත් හරි
වීරයා උනා උඹ
යෝධයා වුණු
මා මරා දැමු පසු...

අසාධාරණයි ඕයි !                                                        

21 comments:

  1. දබොස් පට්ටය් මචෝ
    බොලත් දුෂ්ටයන්ට කැමතිය
    මං ඇහුවෙ අනිත් අයට දුෂ්ටය වගේ පේන, දුෂ්ටයගෙ සයිඩ් එකේ ඉදං වීරවය දුෂ්ටයෙක් විදියට දකින්න. හිහි
    මං නං හිතන්නෑ ඒම අය ඇතිය කියල හිහි

    ReplyDelete
    Replies
    1. වීරයා උන ජැකාගේ වැඩේ කැතයිනෙ අනේ...ඒකනේ..හික්ස්...ගොඩාක් තැන්කෝ වේවා අයියණ්ඩි...

      Delete
    2. කැතයි ද ත් අහනව
      හරිනං ඌ තමා දුට්ටය වෙන්ට තිබ්බෙ හිහි

      Delete
    3. ඒක තමයි..අවන්හලේ මහත්තයට වැඩේ තේරුනා..

      Delete
  2. ළගදිද ෆිල්ම් එක බැලුවෙ.

    යෝධයගෙ පැත්තෙං හිතන්න පුළුවං බව මටත් හිතුනෙ මේක කියෙව්වමයි.

    ReplyDelete
    Replies
    1. ආං ඒකනේ ඩ්‍රෑක්...තේරුනා නම් එච්චරයි..කොමෙන්ටුවට බෝම ස්තූතීයි අයියණ්ඩි

      Delete
  3. මේක බැලුවා වගේ හොදටම මතකයි. ඒත් මට මතක් නෑ වෙච්චි සීන් ටික...
    කොහොම උනත් නිර්මාණයනම් අනර්ඝයි. ජය වේ බොස්.

    ReplyDelete
    Replies
    1. තැන්කෝ තැන්කෝ කැලේ රජෝ....ජය වේවා !

      Delete
  4. සිරාවටම ජැකා අසාධාරණයි......යොදයා පාඩුවේ ඉද්දි ජැකා හොරකම් කරලා පොර වුනා

    (පටිටම අදහසක්...එල එල.)

    ReplyDelete
    Replies
    1. තැන්කෝ හඳ මාමේ...:D

      Delete
  5. භාරියක් නැතුවාට වැඩට එකියක් හිටියා නොවැ.... කවුද ඕවා දන්නේ......... හැක්

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඒකත් හැබෑව කුරුටු.....

      Delete
  6. කෝ බොල මගේ ඉස්සල්ල කමෙන්ටුව.....?
    ඉතිහාසය කියන එක පුරාවටම සිද්දවුනේ ඕක තමයි.ඉතිහාසය ලියපු එවුන් පොරක් කරපු එවුන් වීරයා වුනා.අහිංසකයෝ දුශ්ඨයා වුනා.
    එක දවසකුත් කිවුවා වගේ මේ අමුතු විදිහට හිතන එක තමයි උඹේ කවිවල තියන "කන්ට්‍රාස්ට්" එක.මේ විදිහට හිතන එකෙක් කෙටි කතාවක් ලිවුවොත් කොච්චර ලස්සනට තියෙයිද?
    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ඈ බොල කටුසු මහත්තයා..ඉස්සෙල්ල කොමෙන්ටුවක් තිබුනෙ නෑනෙ අනේ...හරි හරි ඒ උනාට දැන් තියෙනවනෙ...මේ post එකට කටුසුගෙ කොමෙන්ටුවක් වැටෙනකන් තමයි මම බලන් හිටියෙ..ලොකු අඩුවකට තිබුනෙ ඒක​..දැන් ඉතින් ඒකත් හරි...තැන්කෝ කටූ....

      Delete
  7. ඇත්තටම ජැක් හොරා නේ

    ReplyDelete
  8. ඇත්තටම නගා කියනකන් මේ ගැන වගක් වුනේ නැනේ,ඇත්ත තමා ජැක් දුෂ්ඨ වැඩක් නොවැ කොරලා තියෙන්නේ,ලස්සන පද ගැලපිම සහොදරි,
    ජයෙන් ජය,

    ReplyDelete
    Replies
    1. තැන්කෝ වේවා රස්ති සහෝ...

      Delete
  9. අදම තමා මේ පැත්තෙ ආවෙ.. බොසීගේ බ්ලොගේ හොයාගන්න මට ටිකක් කල් ගියා (ඒ අස්සෙ නින්ද ගියා) :D

    නරකම නෑ.. කතාවෙ හැටියට ජැක් වීරයා වුනාට ඇත්තට බැලුවොත් ජැක් තමා හොරා.. පවු ඉතින් අර අසරණ යෝධයා :(

    ReplyDelete
    Replies
    1. ආ පරක්කු උනාට මොකෝ අනේ...කෝම කෝමෙන් හරි ලයි ලයි මහත්තයත් ආවනේ මේ පැත්තට​...ඒකම මදැයි...තැන්කෝ ලයි ලයි...ආයේ ඇවිදින් යන්න එන්න​..

      Delete
  10. මාර attraction එකක්ති යෙන්නේ මේ ලිවිල්ලේ. ඔබ තරමට නැතත් මටත් හිතෙන්නේ ඔය විදිහටමනේ....

    ReplyDelete