නිරහංකාර සමනලුන්
ලස්සන සමනල්ලු
අහංකාරයි කිව්වට
එහෙමමත් නෑ
උනුත් කළගුණ දන්නවා....
වරක් හෝ
මකරන්ද පුද දුන්
පරව ගිය ඇති
මලක සිරුරක්
දුටුවොතින්
නොසිතාම දෙවරක්
පරව ගිය ඒ
මලේ තනියට
හාදුවක් ලග
තියා යන්නට
ආදරෙන් සිඹ
සමු දෙවන්නට
තුරු ගොමුව තුල
මොහොතකට හරි
නැවතුනා...
උන් නැවතුනා.......
ඔන්න දැන්නම් කොමෙන්ට් දාන්න ආසයි.
ReplyDeleteදිගටම ලියමු. ජය වේ... බොස්
මං එනකොට ගැටලු විසදිලා නොව.
Deleteසිංහ රජාට පිං සිද්ධ වෙන්න ඕං අපිටත් මල් හතයි දැන් comment දාන්න ඇහැකි නිසා කාට කාටත්..ගැටලු විසඳන්න නම් ඉතින් සිංහයාගේ මහා ආනුභාවයම තමා...දිගටම බොසා බලන්ට එන්න සිංහ රජෝ
Deleteහිතට වදින වචන ටික සහෝ,මොනවා වුනත් මෙව කියවලා කොමෙන්ටුවක් එල්ලන්නේ නැතුව යන්න වෙනකොට හෙන අවුල් bro,
ReplyDeleteමං bro කෙනෙක් නෙවෙයි බොල රස්තියෝ...හැක හැක...මම සහෝදරියක් අයියණ්ඩි....කොමෙන්ටුවට බෝම ස්තූතියි....ආයෙ නොවරදවාම එන්ට boss නගා ලියපුව බලන්ට හොඳේ..
Deleteවෙලාවක් තියේනම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න සහො,
ReplyDeletehttp://adauwwaby.blogspot.nl/?m=1
නෑවිත් කෝමෙයි අප්පා අපේ රස්ති අයියගෙ වැඩ බලන්ට..අනිවාර්‍යෙන් එපැයි කිව්වත් boss නගා එනව රස්තියාදුකාර ජේත්තුව බලන්ට
Deleteekenma maru hode hadenawa oii Thani hata
ReplyDeleteekenma maru hode hadenawa oii Thani hata
ReplyDelete