Wednesday, February 3, 2016

බෙදාගෙන කමු

කුණු බාල්දි
පෙරලන
දරු පැටවු ගැන
අහස් මාලිගා
දන්නේ මොනවද?

දිරුණු වහල
අතු සෙවිලි
කරන්නට
දහඩිය
වගුරන
දුගියන් ගැන​
luxury මන්දිර
ටයිල් කරගත්
යතිවරු
දන්නේ මොනවද​?

මුෂ්ටිය
පසෙකලා
ශිල්පයක්
හරිහැටි දෙන
දිසාපාමොක්ලා
ඉන්නවද?
අහුලන්නවත්
එක දෙක​..

මොකද කියන්නෙ ,
මහන්සි
යන්නත් එක්ක
බෙදාගෙන
කමුද අපි
නියගලා අලයක්?                                                                                    

19 comments:

  1. කවිය හොඳ වුනාට වැරදි උත්තරයක් නේ අන්තිමට දෙන්නේ

    ReplyDelete
    Replies
    1. සමාජ යථාර්තය ඒ තරම් කටුක වෙන කොට මහන්සියට කන්න හිතෙන්නෙ නියගලා අල නෙව අයියණ්ඩි හිත හදාගෙන​...වැරදි ආරාධනාවක් තමයි නියගලා අලයක් සම්බන්ධ කොරගෙන මේ බොසා කරල තියෙන්නෙ..එකගයි එකගයි..මොන්ව උනත් සමාජය පවතින වත්මන් තත්වයේ අඳුරු පැත්ත අර වගේ වෙනකොට, එය නිවැරදි කොරන්ට ලොකු බලපෑමක් අපට කිරීමට බෑ කියල තේරුම් යනකොට වහ කන්න හිතුනා ආයුබොවන්ඩ​..අනේ කොමෙන්ටුවක් දැම්ම එකට බොහොමත්ම ස්තූතියි සහෝ...ආයෙ මේ පැත්තේ නොවැරදීම ඇවිත් යන්න එන්න​

      Delete
  2. නියගලා අලයක් කෑවොත් හොදට මහන්සිය නිවාගත හැකි.
    හොද දිසාපාමොක්ලා නැහැයි කියන්නත් බැහැනේ..
    ලස්සනයි බොස්.
    නගාට ලියපු කවි බලන්නට එන්න යැයි කියලා බොස් කාටහරි ආරාධනා කරලා තිබ්බනේ...කෝ ඒවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සිංහ සහෝ,හොද දිසාපාමොක්ලා නෑ කියන්නම බෑ...ඒත් ඉන්නෙත් ටික දෙනා නෙව​...කොමෙන්ටුවට බොහොමත්ම ස්තූතියි !!!නගාට ලියපු කවි නෙවෙයි සිංහ රජෝ බලන්ට එන්න කීවේ..මම නංගියෙක් නිසා නගා වෙන මම ලියපු කවි බලන්ටයි ඔබතුමාට ආරාධනා කොලේ...boss නගා ගේ කවි බලන්ට එන්න ඕනෑ ආයේ හරිය​?

      Delete
    2. අනේ සොරි වෙන්ට ඕන. සහෝදරියක් කියලා හිතාන උන්නේ නෑ.. නම දැක්කාම හිතන්න පුලුවන් එක්කයැ..ද බොස්...

      Delete
    3. අපේ පැත්තෙත් ඇවිත් ගිහින් තිබ්බා නේන්නං.. හැබැයි ඔය අන්වර්ථ නාමය එක අතකින් හොදයි. කොල්ලෝ කෙල්ලන්ගේ නමින් පොෆල් හදන කාලේ. හැබැයි කෙල්ලෙක්ගේ නමින් ඔබ හිටියනම් මීට වඩා ජනප්‍රිය වෙයි. ඔහුන් ඒ ජනප්‍රිය තත්වයට පත් වෙන්නේ හැකියාවෙන් නොවෙයි. ඔබත් හැකියාවෙන් ජනප්‍රිය වෙන්න.. සමහරු මන් දැකලා තියෙනවා පිරිමි නම් තියෙන බ්ලොග් මග හැරලා යනවා.. බ්ලොග් ලොවේ දිගු ගමනකට සුභ පැතුම්.

      Delete
    4. ජීවිතේ මල් අපෙ සිංහ සහෝදරයා වගේ කස්ටිය ඉන්න කල්....ජයෙන් ජයම වේවා ! ඔබතුමා වගේ කස්ටිය කොමෙන්ටුවක් කොටල ගියාම දැනෙන සතුට bossට කියා නිම කොරන්ට බෑ ආයුබොවන්ඩ​..ආයෙ ඇවිත් යන්ට එන්ට​

      Delete
  3. nice Boss.
    sinhalabloggala.blogspot.com

    ReplyDelete
  4. මේල්ලුව එවුවනම්....බ්ලොග ගැන කියන්න දෙයක් තියනවා.....

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි...thebosssmileyjoejoe@gmail.com...ඕං කටුසු හාමි

      Delete
  5. සමහරවිට නියඟලා අලෙත් පත්තියං වෙයි කන කටුවල හැටියට...

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඩ්‍රැකී අයියේ.....සහතික ඇත්ත අප්පා...එව්වත් පත්තියං වෙන්න වෙයි තමා මෙහෙම යනකොට​....ආයෙ ඇවිත් යන්ට එන්න ඩ්‍රෑක්......

      Delete
  6. අැයි බං නියගලා කන්නේ....... ඔය රෝද වලින් ලෝකයම දිනන්න ගමනක් යන්න හැකියි........ අාය ෂුවර්

    ReplyDelete
    Replies
    1. හැක හැක​..ඒකත් හැබෑ නේන්නම්....කොමෙන්ටුවක් කොටල බොසාව දිරිමත් කරන එකට බෝම පිං කුරුටු

      Delete
  7. අන්තිම ටික මොකද බං එහෙම කළේ??

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සමාජ ගැටලු සම්පූර්ණයෙන්ම උගුල්ලල දාන්න සක්කරයටත් බෑ නේදැ යි කියා හිතුනම කළ කිරුනා සජ්ජ සහෝ....ඒකයි ඕන පඩංගුවක් කියල​ නියගලා අලේකින්ම අහවර කොලේ මං....hikz...ආයේ ඇවිත් යන්ට එන්න ඕනෑ හොඳේ..ජය වේ අයියණ්ඩි !

      Delete
  8. සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුනා...හැක්...නෙළුම් යාය නෙළුම් යාය කිය කිය මෙච්චර කල් මම හෙව්ව සහෝ...බෝම පිං පෙන්නා දුන්නට site එක​

    ReplyDelete