පොල් සයිස් පොට්ටුවක්.....
සුවඳේ බෑ ගැටපිච්ච මල් වැල
ඉහේ රඳවා සිටින.....
පටලවාගෙන
සාරියක් ඔහේ
දේවාල දොරින්
මුරුගන් වඳිමින්
එලි බසින
මලයාලම් රුවැත්තියේ......
අල්ලේ ඉරි මත
තබමින් ලෝකය
නටවමින්
අංජන තැවරූ
දෙනෙත් පොඩි....
නුඹ,
වාසනාව
කියාලා දෙන අපූරුව......
"එන්න නෝනා මාත්තියා
ආමු සාත්තරයක්"
හඬගාන
අපූරුව නුඹ......
අතට ලැබෙන්නේ
තුට්ටුවක් වුව
දහස් වාරයක්
පිං දෙයි නුඹ
ගරු කටයුතු
ඇත්තියක් ලෙස....
බිංදුවක්
නොයා නපුරට
ගින්දරක් සේ
ඇදෙමින් ......
සතුව ඇති
වාසනා ගුණයෙන්
කියයි නුඹ
සාස්තර......
කප්පරක් දෙවි
ආනුභාවෙන්
ජාත වූ නිසාම
වෙන්ටැ ඇත්තේ
නුඹට මේ වරම්
කියන්නට සාස්තර.......
"සාස්තරකාරි සාස්තරකාරි !!"
කිව්වට හැමෝම
තැන තැන
අමුතු අමුතු විදිහට
එක වගේ විකාර
ගැහැනු මොඩල් අතරේ
නුඹ මට
අරුම ගැහැනියක්......