Friday, January 5, 2018

හීනයක් !



හිතුවෙවත් නැති 
මොහොතක​
නුඹ ආවේ
ආදරය මළු ගණන් 
පුරෝගෙන​......

ඉන්පස්සෙ එකදිගට 
කලබල හාදු ගොන්නක්
ආදරේ උතුරන​......

ඊටත් පස්සෙ
තවත් හාදු ගොන්නක් 
මගෙන් 
මගේම නුඹට​......

හාදු සටනේ කෙළවර​
මම පැරදුණේ
හරි ආදරෙන් ඔබට​...

ගුලිවෙවී අපි කතාවුණේ
අපේ හීන කන්දරාව ගැන​....
එකට මවන අපෙ ජීවිතේ ගැන​.....
.
.
.
.
.
.
.
.

"ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං"

වදින කොටයි එලාමය​
ඇහැරුණෙ 
හීනයක් බව දැන​....

කිරිල්ලී ,
.
.
.
ඒක හීනයක් !
හැමදාටම හීනයක් !
විඳින විඳවන හීනයක් !

8 comments:

  1. හැඳින ගත් පසු දෙසිත් මත්තෙම සතුට ඉතිරී නිති ගලයි
    යදින සෙනෙහස හොදාකාරව දෙසිත් අතරෙම දුව පනියි
    බඳින හැඟුමන් නිවි නිවී යළි ඇවිලිලා හැමතැන දුවයි
    විඳින විඳවන ජීවිතේ නිති සිහිනවලටම පෙම් කරයි......

    ජයවේවා!!!

    ReplyDelete
  2. ප්‍රථිපලත් ආපු එකේ ඔය ගැම්මෙන්ම කසාදෙත් කලානම් වැඩේ ගොඩ.....

    ReplyDelete
  3. අනේ නිකං පලයං ඩා..
    සමාජෙ කතා හදයි කියල අන්ත්මට හීන කතාවක් දාල.. ⁣හුහ්
    අපි අහුවෙයි ඕවට
    😂 😂 🔫

    ReplyDelete
  4. යකෝව් මට Lady Boss ගෙ blog එක මිස් වුනෙ කොමැයි🙄

    ReplyDelete
  5. මට මේ බ්ලොග් එක මග ඇරිලා

    ReplyDelete
  6. අද තමා Blog එක දැක්කෙ ❤

    ReplyDelete