Monday, December 28, 2015

මගේ කෙල්ල

සිහිල් සුළං ගත දැවටෙන
සුමිහිරි රාත්‍රී යාමයේ    
මාගේ නින්ද සොරාගෙන 
මට ලංව කොඳුරන්නීය ඈ.....
පෙම් බස් වුවද ඒ
ඈ කොඳුරන්නේ ඇගේ බසිනුයි,
ඇගේ මුණුමුණුව මට.....
නොතේරුණ ද ඒ බස මට
මගේ තනියට මුමුණන්නට                                  
මිනිස් කෙල්ලක එන තෙක්
මා වෙනුවෙන් තනි රකිමින්
පෙමින් සෙනේ බස් කොඳුරන                                  
කෝඳුරු කෙල්ලේ...
ඔබට පිං 

Thursday, December 10, 2015

Lයිfe Jourනිය

කඳුළු,සොටු,පොර බැදුම් මැද හඬ ගාන අඬහැරය                             දුව යමින්,හති ලමින් අප සොයන විල්ලුදය
සෝ සුසුම් නවතලා ගිමන් හරිනා දවස    
හමු වේවි අප සෙවූ හමුනොවූ ජීවිතය    
                                                               

Wednesday, December 9, 2015

පිතු සෙනෙහස Vs ප්‍රේමය

පුදුමයකි...    
හමුවූ විට ඔහු - සිහියට නැගේ ඔබ
ආයාසයකින් නොව..නිතැතින් ම
වුවද ඔහු මට ලෝකයක් - ඔබයි මාගේ විශ්වය 
අතැර දමන්න එය..
එය නොවේ පුදුමය..මෙයයි.. 
දුටු විට ඔහු - මගේ සිහියට එන                                  
ඔබ මුව කමල දුටු විට
අමතකය ඔහු මට මුළුමනින්ම 
කුමක්ද මේ අරුමය...                                  
දැනේ මට දැන් දැන්..විඳින බැව් බව මා දෙනෙත්
පිතු ස්නේහයේ පහස..   
තාත්තේ...කියන්න මට
කොහොමද ඔහු මට ලෝකයක් වූ විට 
ඔබ මුළු විශ්වයම වුනේ ???