සිහිල් සුළං ගත දැවටෙන
සුමිහිරි රාත්රී යාමයේ
මාගේ නින්ද සොරාගෙන
මට ලංව කොඳුරන්නීය ඈ.....
පෙම් බස් වුවද ඒ
ඈ කොඳුරන්නේ ඇගේ බසිනුයි,
ඇගේ මුණුමුණුව මට.....
නොතේරුණ ද ඒ බස මට
මගේ තනියට මුමුණන්නට
මිනිස් කෙල්ලක එන තෙක්
මා වෙනුවෙන් තනි රකිමින්
පෙමින් සෙනේ බස් කොඳුරන
කෝඳුරු කෙල්ලේ...
ඔබට පිං
ඔන්න ඉස්සෙල්ලම කමෙන්ටුව. මොකද බොසා මේ වැල් වගේ ලියල?
ReplyDeleteකොමෙන්ටුවට බෝම පිං bro...blog life එකට පය තිබ්බ විතරයි නෙව..ඒ නිසයි අර වගේ අඩුපාඩු..සමා අවසර..මගේ blog පිටුවෙ කෝඩුකාර කොමෙන්ටුව දැම්ම එකට නැවත නැවතත් පිං ඕං...ආයෙ මේ පැත්තෙ ගාටන්න එන්න boss නංගි ලියපුව බලන්ට....
Deleteඅමුතු මානයකින් ලියුවක්.
ReplyDeleteඑහෙමයි සහෝ...කොමෙන්ටුවට ගොඩාක් තැන්කෝ....නැවත එන්ට මේ පැත්තෙ boss සහෝදරී ලියපුව බලන්ට
Delete