Wednesday, December 9, 2015

පිතු සෙනෙහස Vs ප්‍රේමය

පුදුමයකි...    
හමුවූ විට ඔහු - සිහියට නැගේ ඔබ
ආයාසයකින් නොව..නිතැතින් ම
වුවද ඔහු මට ලෝකයක් - ඔබයි මාගේ විශ්වය 
අතැර දමන්න එය..
එය නොවේ පුදුමය..මෙයයි.. 
දුටු විට ඔහු - මගේ සිහියට එන                                  
ඔබ මුව කමල දුටු විට
අමතකය ඔහු මට මුළුමනින්ම 
කුමක්ද මේ අරුමය...                                  
දැනේ මට දැන් දැන්..විඳින බැව් බව මා දෙනෙත්
පිතු ස්නේහයේ පහස..   
තාත්තේ...කියන්න මට
කොහොමද ඔහු මට ලෝකයක් වූ විට 
ඔබ මුළු විශ්වයම වුනේ ???                                                                                                                                                             
                       

No comments:

Post a Comment