Wednesday, February 24, 2016

අවසන් ඉල්ලීම​

මලේ......මලේ......
ඉවසනවද
ඩිංගිත්තක්
සමනළයෙක්
වෙනකං මං......
තාමත් දළඹුවෙක් නිසා
කල් යයි ටිකක්
සමනළයෙක් වෙන්නට
මට...........


ඒත් ඉතින්
සමනළයෙකුගෙ ප්‍රේමය
ඉවසන්නෙ
කොහොමෙයි නේ?
රොන් බොනකොට ඌ
හැම මලකින්ම
රොන් බිව්වොත්?

මලේ.....මලේ.....
තටු සිඳුණු දවසට
සමනළයාට
පියාඹන්න බෑ
තව තවත්
දුර ඉතින්....


ඉතින් එදාටවත්
නැති වෙන්න යන
මගෙ පණ කෙන්දට
නිදහසේ සැහැල්ලුවේ
මටත් නොදැනිම
යන්න දෙන්න​
නිකමට....
උදව්වට​.....
නෑ.....
හිතවත් කමට වගේ.....
නෑ නෑ ආදරේට
ඔව් ආදරේට​......

පිපෙනවා නේද
ඒ දවසට
එකම එක
මොහොතකට හරි
මේ හිත්පිත් නැති
සමනළයා නමින්
බෑ නොකියා මගෙ
මලේ නුඹ​?

                                                                                  

21 comments:

  1. Replies
    1. විස්කෝතුයි.......

      Delete
  2. ගොඩක් සමනලුන්ට දලඹුවා කාලේ හිටිය ගහ මතක්වෙන්නේ තටු කැඩුනහම තමයි....

    හැමදාම එකම කියන්න බෑ.ඒ වුනාට නොකියත් බෑ.ඔය හිතන විදිහනම් කවදාවත් වෙනස්කරගන්න එපා.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. අනිවාරියෙන්ම​....බොහොම ස්තූතියි කටුසු මහත්තයා...ජය වේවා ! ආ ඒ ගමන්ම මතක් කරන්ට ඕනා අරකෙ ඊළග කොටස​....ආං ඒකත් දාලා දාන්න අනේ කියවන්න .....ටටා

      Delete
  3. මට මතක් උනේ වෙන කතාවක්.

    විජය පත්තරේ ගිය පියල් ගෙ කැලේ කතාව එකේ තිබ්බ, කැලේ බැංකුවක් ගැන. ඒකෙ එකවුන්ට් එකක් අරිනව දළඹුවෙක් ඇවිත්. පස්සෙ කාලෙක හදිස්සියකට සල්ලි ගන්න එනව සමනළයෙක්. උගෙ අයිඩී එකත් ඇඳල තිබුණ වගේ මතකයි. ඒකෙ තිබුණ නම “සමනළයා“. ඉතිං දැපු සල්ලි ගන්න බැරි වෙනව.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී කියනකං මං ඒ කතාව දැනන් උන්නෙ නෑ..පව් අයිසෙ ඒකා...

      Delete
  4. සමනළයෙක් වෙනකල් ඉන්න පුළුවංද කියල අහන්න කාලයක් අපිටත් තිබ්බ. රස්සාවක් හොයාගන්නකල්, ගෙයක් දොරක් හදාගන්නකල්, මල ගෙ ගෙදර උදවියත් එක්ක කේවෙල් කරන්න ආර්ථීක හයිය සහ සංකේත ප්‍රාග්ධනය උපයගන්න කල්... ඒ විදිහට.

    ReplyDelete
    Replies
    1. හා හා හොරේ දැනුනා දැනුනා..ඒ කියන්නෙ දැන් සමනළයෙක් නේ.....

      Delete
    2. හොඳටම සමනළයෙක් උනේ බැන්දට පස්සෙ... (-:

      Delete
    3. දැන් දැති හුලහාගේ අත් තටු ටික කඩලා දාලා පව් අප්පා........

      Delete
  5. අන්තිම ටික කියවද්දි අමරදේවගෙ වසන්තයේ මල් සිංදුව මතක් උනා...

    “වසන්තයේ මල් පොකුරු නෙලා
    ඔබ මා දෝතට ගෙනෙන තුරා

    මඟ බලමින් මා සිටියා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා
    සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

    අහස පොළොව ගිණීයම් අව්වේ
    ගහකොළ මැළැවෙන ගිම්හානේ

    අවසානේ ඔබ ආවා

    ඔබ අතැ වූ මල් එකිනෙක පරවී
    සුළගේ විසිරෙනු මා දුටුවා
    සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
    ඔබගේ රුව මා දුටුවා
    ඔබගේ රුව මා දුටුවා


    පද - මහගමසේකර
    සංගීතය හා ගායනය - අමරදේව

    ReplyDelete
    Replies
    1. ඇත්තම කීවොත් මේ සිංදුව මීටරේට වැටුනෙත් ඩ්‍රැකී කියපු නිසා නෙව​...ගොඩාක් තැන්කෝ වේවා ඩ්‍රැකී මහත්මයා කොමෙන්ටුවට​....

      Delete
  6. එච්චර ඉවසයිද? බ්ලොග්පවර් සින්ඩියට දැම්ම.
    www.blogpower.info

    ReplyDelete
    Replies
    1. ඒක තමා..ඉවසයිද මන්දා....ගොඩක් ගොඩක් තැන්කෝ වේවා

      Delete
  7. අනේ සමාවෙන්න බොස්.. පහුවෙලා තමයි එන්ට උනේ....
    ලස්සන නිර්මානයක්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් ඒකට මක් වෙනවද සිංහ මහත්තයා.....කොහොමෙන් හරි ආවනේ....බෝම ස්තූතියි

      Delete
  8. ලස්සන කවක් බොස්,මටත් සමාවෙන්න ඕනා බොස් එන්න ටිකක් පමා වුනා,නිර්මාණශිලි කතාවක් ලස්සන වචන ටිකකට පෙරළලා,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. මං මේ බල බල හිටියෙ හැමතැනම රස්තියාදු ගහන මනුස්සයා මොකෝ නැත්තෙ කියලා...හිකිස්....තැන්කෝ රස්තී

      Delete
  9. ඉවසයිද මන්දා ඉතින් නේ :D
    අහිංසක දළඹුවා මොනා වුනත්

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඉතින් නේ..හික් හික්...ලලයි ලිලයි ලයි..තැන්කෝ අනේ

      Delete
    2. නම් හදනවද බොල?

      Delete