Monday, February 1, 2016

නිරහංකාර සමනලුන්

ලස්සන සමනල්ලු
අහංකාරයි කිව්වට
එහෙමමත් නෑ
උනුත් කළගුණ දන්නවා....


වරක් හෝ
මකරන්ද පුද දුන්
පරව ගිය ඇති
මලක සිරුරක්
දුටුවොතින්
නොසිතාම දෙවරක්
පරව ගිය ඒ
මලේ තනියට
හාදුවක් ලග
තියා යන්නට​
ආදරෙන් සිඹ
සමු දෙවන්නට
තුරු ගොමුව තුල
මොහොතකට හරි
නැවතුනා...

උන් නැවතුනා.......

9 comments:

  1. ඔන්න දැන්නම් කොමෙන්ට් දාන්න ආසයි.
    දිගටම ලියමු. ජය වේ... බොස්

    ReplyDelete
    Replies
    1. මං එනකොට ගැටලු විසදිලා නොව.

      Delete
    2. සිංහ රජාට පිං සිද්ධ වෙන්න ඕං අපිටත් මල් හතයි දැන් comment දාන්න ඇහැකි නිසා කාට කාටත්..ගැටලු විසඳන්න නම් ඉතින් සිංහයාගේ මහා ආනුභාවයම තමා...දිගටම බොසා බලන්ට එන්න සිංහ රජෝ

      Delete
  2. හිතට වදින වචන ටික සහෝ,මොනවා වුනත් මෙව කියවලා කොමෙන්ටුවක් එල්ලන්නේ නැතුව යන්න වෙනකොට හෙන අවුල් bro,

    ReplyDelete
    Replies
    1. මං bro කෙනෙක් නෙවෙයි බොල රස්තියෝ...හැක හැක​...මම සහෝදරියක් අයියණ්ඩි....කොමෙන්ටුවට බෝම ස්තූතියි....ආයෙ නොවරදවාම එන්ට boss නගා ලියපුව බලන්ට හොඳේ..

      Delete
  3. වෙලාවක් තියේනම් මේ පැත්තටත් ඇවිත් යන්න එන්න සහො,
    http://adauwwaby.blogspot.nl/?m=1

    ReplyDelete
    Replies
    1. නෑවිත් කෝමෙයි අප්පා අපේ රස්ති අයියගෙ වැඩ බලන්ට​..අනිවාර්‍යෙන් එපැයි කිව්වත් boss නගා එනව රස්තියාදුකාර ජේත්තුව බලන්ට​

      Delete
  4. ekenma maru hode hadenawa oii Thani hata

    ReplyDelete
  5. ekenma maru hode hadenawa oii Thani hata

    ReplyDelete