හෙමින් හෙමින්
මහන්සියෙන්
හැදුවා මම
මාලිගයක්......
ඒකත් හැදුවෙ
අහසෙ....
කාටවත් නොවී ඉන්න
ඇණයක්...
මල වදයක්.....
කොරන්ට යමක්
නැති නිසා වෙන්ටැ
රිංගුවේ මගෙ
අහස් මාලිගාවට
බෝංචි වැල දිගේ..........
රිංගුවා මදිවට
මලු බැඳන් මගෙ
රත්තරං කාසි ......
කුදලගෙන මගෙ
කප්පරක් වටින
රත්තරං බිජු
දෙන කිකිළි ....
දෙන්නට හිතට
පොඩි සොමියක්
නිවන්නට මගෙ
ගතේ වෙහෙසත්
බාරියක් නැති මට
ලගින් රැදි
වීණා පොජ්ජත්
ඩැහැගෙන
පැන ගිය පල් හොරා
ජැක් !!!
ඒ
ඔක්කොමත් හරි
වීරයා උනා උඹ
යෝධයා වුණු
මා මරා දැමු පසු...
අසාධාරණයි ඕයි !
දබොස් පට්ටය් මචෝ
ReplyDeleteබොලත් දුෂ්ටයන්ට කැමතිය
මං ඇහුවෙ අනිත් අයට දුෂ්ටය වගේ පේන, දුෂ්ටයගෙ සයිඩ් එකේ ඉදං වීරවය දුෂ්ටයෙක් විදියට දකින්න. හිහි
මං නං හිතන්නෑ ඒම අය ඇතිය කියල හිහි
වීරයා උන ජැකාගේ වැඩේ කැතයිනෙ අනේ...ඒකනේ..හික්ස්...ගොඩාක් තැන්කෝ වේවා අයියණ්ඩි...
Deleteකැතයි ද ත් අහනව
Deleteහරිනං ඌ තමා දුට්ටය වෙන්ට තිබ්බෙ හිහි
ඒක තමයි..අවන්හලේ මහත්තයට වැඩේ තේරුනා..
Deleteළගදිද ෆිල්ම් එක බැලුවෙ.
ReplyDeleteයෝධයගෙ පැත්තෙං හිතන්න පුළුවං බව මටත් හිතුනෙ මේක කියෙව්වමයි.
ආං ඒකනේ ඩ්රෑක්...තේරුනා නම් එච්චරයි..කොමෙන්ටුවට බෝම ස්තූතීයි අයියණ්ඩි
Deleteමේක බැලුවා වගේ හොදටම මතකයි. ඒත් මට මතක් නෑ වෙච්චි සීන් ටික...
ReplyDeleteකොහොම උනත් නිර්මාණයනම් අනර්ඝයි. ජය වේ බොස්.
තැන්කෝ තැන්කෝ කැලේ රජෝ....ජය වේවා !
Deleteසිරාවටම ජැකා අසාධාරණයි......යොදයා පාඩුවේ ඉද්දි ජැකා හොරකම් කරලා පොර වුනා
ReplyDelete(පටිටම අදහසක්...එල එල.)
තැන්කෝ හඳ මාමේ...:D
Deleteභාරියක් නැතුවාට වැඩට එකියක් හිටියා නොවැ.... කවුද ඕවා දන්නේ......... හැක්
ReplyDeleteහිකිස්...ඒකත් හැබෑව කුරුටු.....
Deleteකෝ බොල මගේ ඉස්සල්ල කමෙන්ටුව.....?
ReplyDeleteඉතිහාසය කියන එක පුරාවටම සිද්දවුනේ ඕක තමයි.ඉතිහාසය ලියපු එවුන් පොරක් කරපු එවුන් වීරයා වුනා.අහිංසකයෝ දුශ්ඨයා වුනා.
එක දවසකුත් කිවුවා වගේ මේ අමුතු විදිහට හිතන එක තමයි උඹේ කවිවල තියන "කන්ට්රාස්ට්" එක.මේ විදිහට හිතන එකෙක් කෙටි කතාවක් ලිවුවොත් කොච්චර ලස්සනට තියෙයිද?
ජයවේවා.....
ඈ බොල කටුසු මහත්තයා..ඉස්සෙල්ල කොමෙන්ටුවක් තිබුනෙ නෑනෙ අනේ...හරි හරි ඒ උනාට දැන් තියෙනවනෙ...මේ post එකට කටුසුගෙ කොමෙන්ටුවක් වැටෙනකන් තමයි මම බලන් හිටියෙ..ලොකු අඩුවකට තිබුනෙ ඒක..දැන් ඉතින් ඒකත් හරි...තැන්කෝ කටූ....
Deleteඇත්තටම ජැක් හොරා නේ
ReplyDeleteඒකනේ කොක්කො !
Deleteඇත්තටම නගා කියනකන් මේ ගැන වගක් වුනේ නැනේ,ඇත්ත තමා ජැක් දුෂ්ඨ වැඩක් නොවැ කොරලා තියෙන්නේ,ලස්සන පද ගැලපිම සහොදරි,
ReplyDeleteජයෙන් ජය,
තැන්කෝ වේවා රස්ති සහෝ...
Deleteඅදම තමා මේ පැත්තෙ ආවෙ.. බොසීගේ බ්ලොගේ හොයාගන්න මට ටිකක් කල් ගියා (ඒ අස්සෙ නින්ද ගියා) :D
ReplyDeleteනරකම නෑ.. කතාවෙ හැටියට ජැක් වීරයා වුනාට ඇත්තට බැලුවොත් ජැක් තමා හොරා.. පවු ඉතින් අර අසරණ යෝධයා :(
ආ පරක්කු උනාට මොකෝ අනේ...කෝම කෝමෙන් හරි ලයි ලයි මහත්තයත් ආවනේ මේ පැත්තට...ඒකම මදැයි...තැන්කෝ ලයි ලයි...ආයේ ඇවිදින් යන්න එන්න..
Deleteමාර attraction එකක්ති යෙන්නේ මේ ලිවිල්ලේ. ඔබ තරමට නැතත් මටත් හිතෙන්නේ ඔය විදිහටමනේ....
ReplyDelete