අයෙක් පුදදෙයි - අයෙක් ගරහයි
පිදුම් ද? ගැරහුම් ද? - දරන්නන්ටම භාරයි
කලියුගය එහෙමයි - බහුතරය අසාරයි
සියල්ලන් වත් දරයි - එහෙත් මෙය උතුම් බැව් කිව මැනැයි
කියූ කළ එකෙක් - අනෙකා ඒ කුමන වතදැ යි අසයි.
මනුසත්වයෝ - උතුම් පින්වත් වතක් වෙතොත්
ඒ කසාවතයි - පිළි ලැබෙයි
ස්ස්...මේ අහන්න....කෝ බලන්න රිදෙව්වේ කවුරුන්ද ඔබව?කනස්සලු වූ ඔබේ සිතකැකෑරෙන කෝපයෙන්පෙනෙනවා එය..සායම් බොඳව ගිය මූණෙන්අවැසි නම් ගන්න..පලි ගන්න ඔහුගෙන්යන්න..නොවලහා යන්න ඔබනික්මෙන්නට මත්තෙන්ඔවදනක් දෙනු රිසියි මා..අසන්නට හැකිනම්ගොස් බිඳින්න..අස්ථි සියල්ල වුව ඔහුගේ206ක් වූ ඇටකටු තිබේ ඔහු සතුවකැඩුණද කම් නැත..සුව කළ හැකි මං ඇතසියල්ලම බිඳින්න අවැසි නම්ඒත්..සිතන්නටවත් එපා බිඳින්නට හදවතරිදෙව්වද ඔහු ඔබවඔහුට ඇත්තෙත් 1කි හදවත්ඔව්...දැන් යන්න..