පාළුම පාළු කතරක
විඩාබරව
දිය බිඳකුදු නැතිව
ඔහු ගමනේ ය...
එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව
අන් කිසිවෙකු නොව;
නුඹ ය...
ගුගුරුවා අහස
වැසි වස්වන බව
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව;
නුඹම ය...
පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව;
නුඹම යි...
එහෙව් නුඹවම
ඔහූ පැතූ අරුමය
පුදුමයි..!
හිරු නොමැතිව
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය..
එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න?"
ලොවේ සුපිපුණ
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය...
බොහෝ මල්
කියන්නාහු ය
"යමු යමු..අනේ යමු"
ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන..
"හිරුට පිටුපාන
කිසිදු ගමනකට
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු
සුදුම සුදු
පුංචි මලක්
නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....
මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....
ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......
නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය
කුසලයත් ඔහු නමටම විය..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙන
අනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...