Friday, March 18, 2016

සාස්තරකාරී

රතට රතයේ තියාගෙන
පොල් සයිස් පොට්ටුවක්.....
සුවඳේ බෑ ගැටපිච්ච මල් වැල
ඉහේ රඳවා සිටින​.....

පටලවාගෙන 
සාරියක් ඔහේ 
දේවාල දොරින් 
මුරුගන් වඳිමින් 
එලි බසින 
මලයාලම් රුවැත්තියේ...... 

අල්ලේ ඉරි මත  
තබමින් ලෝකය 
නටවමින් 
අංජන තැවරූ 
දෙනෙත් පොඩි....                                    
නුඹ, 
වාසනාව 
කියාලා දෙන අපූරුව​...... 

"එන්න නෝනා මාත්තියා 
ආමු සාත්තරයක්" 
 හඬගාන 
අපූරුව නුඹ​...... 

අතට ලැබෙන්නේ 
තුට්ටුවක් වුව 
 දහස් වාරයක් 
පිං දෙයි නුඹ 
ගරු කටයුතු 
ඇත්තියක් ලෙස.... 

බිංදුවක් 
නොයා නපුරට 
ගින්දරක් සේ 
ඇදෙමින් ......
සතුව ඇති 
වාසනා ගුණයෙන් 
කියයි නුඹ 
සාස්තර...... 

කප්පරක් දෙවි 
ආනුභාවෙන් 
ජාත වූ නිසාම 
වෙන්ටැ ඇත්තේ 
නුඹට මේ වරම් 
කියන්නට සාස්තර​....... 

"සාස්තරකාරි සාස්තරකාරි !!" 
කිව්වට හැමෝම 
තැන තැන  
අමුතු අමුතු විදිහට 
එක වගේ විකාර 
ගැහැනු මොඩල් අතරේ 
නුඹ මට 
අරුම ගැහැනියක්......
                                                        
                     

16 comments:

  1. නුඹ මට අරුම ගැහැනියක්......" අගෙය් තියෙන දේ අලුත් ඇහැකින් බලන හැටි

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට බෝමත්ම තැන්කෝ වේවා සහෝදරී.....වල්කම් to ලොක්කාස් පැල්පත​...

      Delete
  2. කුරුණෑගල වැව රවුමෙ රජපීල්ල පාක් එක පැත්තෙ සාත්තර කාරියො ටිකක් බෝ වෙලා ඉන්නව. හැබැයි එයාල නං ඕම නෑ.. කපල් වලට මාර කරදරයක් දෙන්නෙ..
    ජෝඩුවක් පෙන්නන්න බෑ කෝම හරි දත ගලවන්න මයි හදන්නෙ..

    ඇත්තටම සෑත්තර කියන අය ඉන්නව කියල දබොස් හිතනවද...
    මංද මට නං හැමදාම කියනව ඇහෙන්නෙ එකම සිංදුවක්... පටං ගන්නෙත් එකම විදියට ඉවර වෙන්නෙත් එකම විදියට.
    ඒත් කපටිකම නං ඉතිං නොම්මර එකයි

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ඉතින් බැරි..හික් හික්....මේකනේ අවන්හලේ මහත්තයා...ඔබ හරි...මං එකගයි අත් 2ම උස්සලා...මට හිතුනා ඉතින් හැමෝම ගුණක් නොදකින එකේ සුට්ටක් හොඳ විදියට බලන්න​...දත් ගලවන සාස්තරකාරියෝ අස්සේ මෙහෙම එක්කෙනෙක්වත් සිටීවා කියන ප්‍රාර්ථනාවෙන්ම ඔන්න ඔහේ ලිව්ව අනේ..ගොඩාක් විස්කෝතුයි අවන්හලේ මහත්තයෝ...රජපීල්ල පාක් එක පැත්තෙ එහෙම රස්තියාදු ගහල අහු වෙනව එහෙම නෙවෙයි මට​....හිකිස්

      Delete
    2. මයියා-
      බොලාටත් පන්තියනවා කියලා වැවුකන්ඩි අස්සේ රිංගන්න පුලුවන්.සාස්තරයක් අහන්න තමයි බැරි...හැක්

      Delete
  3. අහලා තියනවද කීර්ති පැස්කුවල් මහතා සහ ධම්මිකා වල්පොල මහත්මිය ගායනාකරන "කවිකාරියේ සිංදු කියනා ලඳේ" කියන ගීතය.....තව විජේ කුමාරතුංගයන් සහ මාලනී ෆොන්සේකා රගපාන ෆිල්ම් එකකුත් තිබුනා මධු සිහින හරි මීදුම් සිහින හරි කියලා නමක් තියන එකක්.ෆිල්ම් එක බලලා නෑ.ඒත් සිංදුවනම් බලලා තියනවා.

    මේ ලෝකේ දැන දැනම බොරුකරන මිනිස්සු ගොඩක් ඉන්නවා.ඒත් ඒ බොරුව අස්සේ තියෙන්නේ බඩගින්න.වෙන මුකුත්ම නෙමෙයි.මනුස්සයෙක්ට බඩගින්න වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.අතේ සල්ලි තියනවනම් ඒවගේ මිනිස්සු ඉස්සරහා කැමත්තෙන්ම රැවටියන්.පවු නෑ.

    අතරමන්වෙන්න ඉස්සල්ලා සාස්තරයක් අහගනම වර.

    ජයවේවා.....

    ප.ලි.- ජනවාරි 03යි. පෙබරවාරි 06. මාර්තු 03යි.....#$%# %^$# ##3....

    ReplyDelete
    Replies
    1. //අතේ සල්ලි තියනවනම් ඒවගේ මිනිස්සු ඉස්සරහා කැමත්තෙන්ම රැවටියන්.පවු නෑ.//
      මෙහෙම බොක්කටම දැනෙන්න කියනකොට අතරමං වෙන්න කලින් සාස්තර බලනවද අනේ මම​?? සාස්තරේට කිව්වොත් "හා හා....අතරමං වෙන එක​ ගැන හිතන්නවත් එපා" කියලා....ඒ නිසා සාස්තරකාරයෙක් මූණට මුලිච්චි උනත් මං නම් දුවනවා පණ එපා කියලා.26 වෙනිදට පස්සේ බලනව අනේ මං අංජනමක් ම​..හිකිස්.....මාර්තු 2යි ...එසේ වීමට​ හේතුව - 26 වෙනිදා මතක් වී over චූන් වීම නිසාවෙන් හිත එකග කොරගෙන type කිරීමට වාඩි වූවද​ පශ්චාත් භාගය කඩිකන ලෙසට දැනීම​....හික් හික්...ජය වේ කටුසු..!!!

      Delete
  4. මමනම් ඉතින් සාස්තරයක් අහලා නෑමයි.... ඒකනිසා කියන්න දෙයක් නෑමයි.... නිර්මානයනම් අගෙයි ඈ...............

    ReplyDelete
    Replies
    1. හැක් හැක්...එහෙනම් ඔන්න ඔහේ අංජනමක් ම බලමු අනේ....තැන්කෝ සිංහ රජෝ !

      Delete
  5. බොසා එළස් හරිය...........

    ReplyDelete
    Replies
    1. කුරුටු ගොඩාක් තෑන්ක්ස් හරිය​.....

      Delete