Wednesday, April 20, 2016

attack එකටම​ ලියපුවා..හැක්


නරියා මං*

සඳවතිය මොනවදෝ කියනවා
ආයෙ ලගට එන්න වගේ
අහස ලහි ලහියේ
වළාකුළු ආවරණ රැස් කරනවා
අයේ හිටපු තැනටම යන්න වගේ
.......බොරුව​.......
දෙන්නගෙම බොරුව....
ආයේ මම ගනන් ගනී කියල තමයි බය...
එව්ව ඉතින් හඳේම තමා !!!
හුක්කි හුක්කි හූ.................


අම්ල වැස්ස

ආසයි වස්සානයට තෙමෙන්න..
වැටෙද්දි වැහි වතුර...
ඒත් ඒක​ අම්ල වැස්සක් උනොත් ..
තුවාල වේවි මුලු ඇගම
මගුලෙ තෙමෙන්නෙ ගිහිං
ඒ නිසා ඕන නෑ...                                                                      

16 comments:

  1. කෝකටත් පරිස්සම් වෙන එක හොදයි....... විශේෂයෙන් ඔය වයසට........ ජයවේවා........ තඩියෝ...

    ReplyDelete
    Replies
    1. හික් හික්...අනිවාර්‍යෙන්..තැන්කෝ කුරුටුzzz

      Delete
  2. පට්ට බොසෝ ලස්සනයි නියමෙට ලියලා,

    ReplyDelete
    Replies
    1. තැන්කෝ වේවා රස්ති ළමයෝ....

      Delete
  3. යකෝ වැස්ස අම්ලනන් මම භෂ්ම වෙන්නන් අපි ප්‍රතික්‍රියා කරමු...

    ReplyDelete
    Replies
    1. හා හා.. ඒක භයානකයි
      හැක්

      Delete
    2. යකෝ ප්‍රතික්‍රියා කරන්න මේකට තියෙන්නෙ පුදුම ආසාවක් නෙව..හැක්....මෙන්න මෙහෙ නිකන් ඉඳින් gom betto...

      Delete
  4. අපරාදෙ එදා බොලාව හම්බුණේ බං... අර පැත්තකට වෙලා සයිඩ් ගහං හිටිය විදියටම ඉන්න දෙන්න තිබ්බෙ සැක්... ඒ නැතත් බොලාව මට හම්බ නොවුණ නං හොදයි..
    ඇයි යකෝ කෙල්ලෙක් දබොස් කියල හිතං හිටියෙම නැති කොට තිබ්බ ආතල් කිතල් ෆැන්ටසිය කුඩු පට්ටං වුණා කියපංකො.. චී චී හරි නරකයි.. බොට තිබ්බෙ මං දබොස් කියල නොකිය ඉන්න...

    කවි ටික මරු බං.. බොලා කොල්ලෙක් නොවුණ එක හොදද කියල මං මේ කම්පනා කොර්නෙ

    ReplyDelete
    Replies
    1. හික්z....අනේ...එහෙම නොපවසන්නකෝ....මං පව්නේ....මාව හම්බුන එකත් ඔන්න ඔහේ හොඳයි කියන්නකෝ අවන්හලේ මහත්තයෝ..ඔයානේ එදා සිහින කුමාරයා වගේ මගෙ ඉස්සරහට ආවේ මුලින්ම​....හික්z....ෆැන්ටසිය කුඩු පට්ටම් උනාට කමක් නැහැ බොල​..මං හමුවුනු එක හොඳයි කියාපිය​....මම කොච්චර දරුණුද කියල දන්නවනේ (හා හා හිනා වෙන්න එපා ඉතින්)...කොල්ලෙක් උනා නම් මාව එදා එළවගන්න Full ගේමක් දෙන්න වෙනවා..හික්..මොකද මං එහෙනම් අන්තිම බිංදුව තෙක්ම වටී කියලා එතනම පැල පදියන් වෙනවා...

      Delete
  5. මම ඔයාව පුච්චන්නේ නෑ කියලා දැන දැනම ඔයා බොරුවට බයවෙලා සුදූ....

    කවි දෙකම සිරා.අර රයිම් කරගන්න සීන් එකත් කරගත්තොත් පට්ටම පට්ට වෙයි.මේක අයින් කරලා මූණු පොත පළවෙනියා කරගන්න එපා.

    ජයවේවා....

    ReplyDelete
  6. මම ඔයාව පුච්චන්නේ නෑ කියලා දැන දැනම ඔයා බොරුවට බයවෙලා සුදූ....

    කවි දෙකම සිරා.අර රයිම් කරගන්න සීන් එකත් කරගත්තොත් පට්ටම පට්ට වෙයි.මේක අයින් කරලා මූණු පොත පළවෙනියා කරගන්න එපා.

    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. හික්z.....සුට්ටක් බය හිතුනා කටුසු පැටී.... අනිවා අඩුපාඩු හදාගෙන ඉස්සරහට එන්නම් කටුසු....කටුසු බබීගෙ comment එක කොයි වෙලේ දකින්න ලැබෙයිද කිය කිය මං බලන් උන්නෙ...තැන්කෝ

      Delete
  7. අම්ල වැස්සට තෙමුනට තුවාල වෙන්නේ නෑ ලොක්කියෝ මොකද සාන්ද්‍රණය අඩු නිසා...

    ReplyDelete
    Replies
    1. හැක්....ඕ අයි සී...එහෙමෙයි?? හොඳා හොඳා...

      Delete
  8. හැක් පට්ටනේ බොස්,

    මිදුල උඹ
    අතුගාන කොට
    හීනි වැලිකැට
    රටා මවන හැටි
    එත් බොරුවමයි
    මියුනු පත් ඇඟේ ලාගෙන
    උඹ ආයේ හැඩි වෙනවා
    මන් කොමද
    ආයෙත් අමදින්නේ?
    මගේ දෙපා සහටනුත්
    මැකෙනවා එතකොට
    උඹත් හීරෙනවනේ ඉදලට

    ReplyDelete
    Replies
    1. අඩේ...පට්ට පට පට පටනෙ සොමි ළමයෝ....

      Delete