Sunday, April 10, 2016

friendship පොජ්ජ

හ්ම්ම් හ්ම්ම්...බකමූණෙක්...හික්.....කලකට පස්සේ වෙලකට බැස්සෙ වගේ හැගීමක් දැනෙනව ඔන්න මට​....ඔන්න get ready වෙන්න ළමායි.....සූට්ටක් විතර කච බච ගාන්නයි මං ලෑස්ති වෙන්නෙ....පුළුවන් නම් අහන් ඉන්න​....බැරි නම් ඒත් අහන් ඉන්න​..හික්z....කියන්න තරම් දෙයකුත් නෑ ඉතින්...ඒත් මොනවහරි කිව්වෙ නැත්නම් කෑවෙ නෑ වගේ..යාළුකම ගැන කියන්න හිතෙනවා දැන් මට ඔන්න​..මෙහෙමයි....දැන් කාලේ බෙහෙතකටවත් හොයාගන්න බැරි කස්ටියක් තමයි හොඳ යාළුවෝ කියන්නෙ...හොඳ මිතුදමක් fit එකේ අරන් යන්න luck එක තියෙන්නෙ කීයෙන් කී දෙනාටද​....good friendship එකක් කරගෙන යනවා කියන්නෙ මට හිතෙන විදිහට තමන්ගෙ ඇගේම පිප්පි කර ගන්නව වගේ වැඩක් ...මොකද කිව්වොත් හැමෝටම වගේ ඒ දේ දකින්න පුළුවන්..ඒත් ඒ උණුසුම් හැගීම විඳින්න පුළුවන් වෙන්නෙ ඇගේ පිප්පි කර ගත්ත කෙනාටම තමයි..(එහෙම උනා කියල දැන් ඇගේ පිප්පි කොර ගන්න එපා හොඳේ...හික්z)                                                                                                                                                                                                      යාළුකම කියන දේ විඳින්නම ඕනේ ඒ හැගීම දැනෙන්න​....හොඳ යාළුකමක් feel වෙන්නෙ කොහොමද කියන එක යාළුවො දෙන්නෙක් දිහා බලන් හිටියා කියල තේරුම් ගන්න බෑ...ඒක එක හිතින් විඳලම බලන්න ඕන දෙයක්... ඔයගොල්ලො දුක් වෙන වෙලාවට ඔය ගොල්ලොන්ගෙ කඳුළු පිහිදාන අය ඉන්නවනම් ඒ අය තමයි යාළුවෝ කියන්නෙ....ඔයාගෙ දුකට හේතු වුනු , ඔයාව රිද්දපු අයට නෙලන්න සවලක් අතින් අරන් ready වෙලා ඉන්න අය ඉන්නවනම් ඒ තමයි හොඳම යාළුවෝ...(ආ....දැන් තේරීගෙන එනවා නෙහ්? හික්... ඒ මට හිතෙන හැටි හොඳේ ) තමන්ගෙ life එකට හැමදාම හරි අයව ලං කරගන්න​......අපිට ඕනේ කව්ද කොහොම අයද කියල හොඳට හිතල තීරණය කරන්න​....මතක තියාගන්න​..වැඩි දෙනෙක්ට ඕනේ ඔයාල එක්ක Pajaro එකේ Limo එකේ නැගල යන්න​....ලං කර ගන්න කොට Pajaro , Limo break down උනාම ඔයා එක්ක bus එකේ එකට වාඩි වෙලා යන්න ඔට්ටු අයව ලං කරගන්න​...එතකොට වරදින ප්‍රමාණය අඩුයි.....උපදේශන සේවයක් වගේ උනා නම් සොරි වෙන්ට ඕනෑ...හික්z....(දිග වැඩි වේගෙන එන නිසා මට බැන බැන කියවනව ඇති නෙහ්??) හා හා...හරි හරි...ඔන්න මං වහගත්තා මගේ කට​...tataaaaa        


Plzzz මචෝ !

රළු පොළොවේ
ගල් ඇණි ඇණී දුවද්දී
පයේ නැති
මෘදු පොළොවේ ඇවිදිද්දී
පිහිටට එන
බාටාවක් නම් උඹ​
අනේ plzzz
ගැලවිලාම පල​..........

13 comments:

  1. අතේ දුරින් බාටා තියනවද බං......හැක් හැක්...ඉස්සර හිටපු යාලුවො තාමත් ඉනව....අපෝ ඒ යක්කු හින්ද කාපු කටු...

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් හරි හිනා...හරි අඩෝ...වෙනස් කලා ඔන්න​.....රසික පුතා හරි හපනා නෙව කටු කකා තවමත් ඔය අපූරුවට ඉන්නෙ...

      Delete
    2. අන්න දැන්නන් මරු...එහෙම නැතුව බෑනෙ...හැක් හැක්..

      Delete
  2. බාටා කිව්වහම දැනෙන්නෙ, දුකට සැපට දෙකට ම ළඟ ඉන්න, හොඳටම ගෙවිච්ච සෙරෙප්පු දෙක...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් ඒකත් ඇත්ත නෙව ලේ බොන්නෝ...හික්z....එකගායි ඩ්‍රැකී bro

      Delete
  3. යාලුකම..?
    පැනඩෝල් පෙත්තක් වගේ..
    අවුලක් උනාම හොයාගෙන එන්නෙ
    හරි ගියාම මතකත් නෑ..
    ආයෙ කෙල උනාම හොයාගෙන එන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආනේ මෙන්න අපිව බලන්නත් ඇවිත්...සතුටුයි සතුටුයි..කතාව ඇත්ත​....තැන්කෝ ලබ්බා මහත්තයා..

      Delete
  4. ජීවිතේට ඕනේම කරන ඒත් සමහර වෙලාවට මහ එපාම කරපු දෙයක් තමයි ඔය යාළුකම.සුන්දර වගේම අසුන්දර අත්දැකීම් ගොඩයි.

    මේ ලියවිල්ලට ගොඩක් සතුටුයි.දන්නවනේ ඇයි කියලා....ඒත් මේක මදි හොදටම ,මටනම්.කම්මැලි වෙන්නේ නැතුව ලියපන් වැස්සියේ.

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි උතුමාණනි....මෙහෙම ආදරෙන් කියන කොට නොලියා බෑනෙ...හික්z.....අතරමං වෙමු වසන්ත මල් ගොමුවෙ කිව්වලු...

      Delete
  5. එක මරු ලොක්කො,එත් මිත්‍රරුපකයො වැඩි,නමුත් හොද යාළුවෝ නැත්තේ නැ,තව ටිකක් කියවන්න තිබුනා නම් මරු,

    ReplyDelete
    Replies
    1. හික්z....අඩව්වක් අල්ලන්න මේ පැත්තෙත් ඇවිත් නෙව​.....රස්තියාදුව රස්තියාදුව​...තැන්කෝ අනේ comment එකට​...

      Delete
  6. දරුවෝ අපි වගේ වයසක අයට කියවන්න අකුරු චුට්ටක් ලොකු කරලා අකුරු වල පාටයි පසුබිමේ පාටයි පොඩ්ඩක් හොඳට ගලපල ගමුද?

    නිරුවත් දෙපයින්
    බොහෝ දුරක ගොස්
    පාඩම් වූ පසු
    රිදුනු දෙපා
    සරසන්
    පදම්කල සමින්
    පාවහනකින්
    හරි ආඩම්බරෙන්

    ReplyDelete
    Replies
    1. එහෙමයි එහෙමයි ආතේ...වල්කම් ටු ද ලොක්කාගේ පැල්පත ...හික් හික්....තැන්කෝ වේවා කොමෙන්ටුවට​.....

      Delete