Friday, May 27, 2016

කෝ කෝ කොහෙද​???

පැණි පෙරන මීමැස්සන්ද ,
පෙති තලන බඹර​ සේනාද අතර ,
යම් සෙනෙහෙබර​ ඇසුරක් සොයන
ආදරය පමනක් සුවඳ අල්ලන
අවිහිංසක කුහුඹුවෙකු
සිටිය නොහැකිද තනි වූ
මිහිමත විශ්වයේ
කොහේ හෝ තැනක යම්......
                                                                                                                                                                                




ආදරයට කොන්දේසි නෑ...." මෙහෙම උනොත් මම ආදරෙයි , අරම උනොත් මම ආදරෙයි " කියල කියන්න බෑ...ආදරය හුස්මක් වගේ..ඔව්..ඇත්තටම හුස්මක් වගේ....ඒ දෙය අපිව ජීවත් කරවනවා.....ආදරය දැනෙන දෙයක්...ආදරය දැණුනාම ආදරය වෙනවා....එහෙම තමා ආදරේ....එහෙම දැනෙන , හැගෙන තැන තමා ආදරේ තියෙන්නෙ..පවතින්නෙ...මට හිතෙන විදිහට​ there is where the love is.....
                                                                                                                                                                            

16 comments:

  1. ආදරය කොන්දේසි විරහිත පරිත්‍යාගයක් බවට පත්වෙන්නේ බොහොම කලාතුරකින්...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අනේ හෙනේ...මක්ක කොරන්නද ඉතින් නෙහ්?

      Delete
  2. මම හැමදාම කියනව වගේ ආදරේ යනු ජෝක් එකකි..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් ...ගිහින් exam පොජ්ජට ලෑස්ති වෙයන් කොලුවෝ...hikz

      Delete
  3. ආදරෙයි අහස තරම්ම. හික්ස්, හොඳම පද හතර ආදරේ ගැන

    ප්‍රේමය ලොව හැමතැනම ඇති
    හැමදෙනාටම හමු වෙලා ඇති
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනා ගත කිසි කෙනෙකු නැති

    ලස්සනයි ජබොස්. :D

    ReplyDelete
    Replies
    1. හරියටම කිව්වා සොමි පුතේ ඔයා...තැන්කෝ තැන්කෝ

      Delete
  4. ආදරය කියන්නේ ආත්මාර්ථකාමී හැගීමක්...ආදරයත් එක්ක නීතිත් ෆ්‍රී ලැබෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමෙයි? හැක් (උඩ බිම් බලමින්....) කොරලම බලන්න වෙයි වගේ...

      Delete
  5. අනේ මන්දා බොසා. ආදරයට බන්දේසි නැහැ කිව්වට අන්න එක මීහරෙක් ගිනි තියාගෙන.

    ආදරය සුන්දර වරදකි.......

    ReplyDelete
    Replies
    1. ඔව් ළමයෝ...ඒක තමයි අනේ...සංසාරේ භවේ දුකාම තමයි නෙහ්?

      Delete
  6. ඉන්න පුළුවන් ඉන්න පුළුවන්..... ඒත් පරිස්සමෙන් හරිය

    ReplyDelete
    Replies
    1. හැක්....අනිවාර්‍යෙන්ම කුරුටුzzz....

      Delete
  7. ආදරයට ඉව අල්ලන
    පෙති නොතලා මල සුරකින
    ජීවිතයට ඉව අල්ලන
    මී මැස්සෙක් වී එන්නම්
    ලගින් තියන් ආදරයෙන්
    මල්පෙති මත යහන සදන්
    ජීවිතයත් තුරුල්කරන්
    මා එන මග නෙතු දල්වා
    බලා සිටීනම්
    K

    ReplyDelete
  8. ආදරයට ඉව අල්ලන
    පෙති නොතලා මල සුරකින
    ජීවිතයක ඉඩ ඉල්ලන
    මී මැස්සෙක් වී එන්නම්
    ලගින් තියන් ආදරයෙන්
    මල්පෙති මත යහන සදන්
    ජීවිතයත් තුරුල්කරන්
    මා එන මග නෙතු දල්වා
    බලා සිටීනම්
    K

    ReplyDelete
    Replies
    1. ලස්සනාාා......යි.කවුද බොලේ ඇලිස්?....ආ නෑ නෑ..කවුද බොලේ ඇනෝ?හික්z....කවුරු උනත් මොකෝ අනේ...reply එක පස්ට ය​...

      Delete