Monday, June 13, 2016

කාලය​, මේ උඹේ කාලය​....

දිරාගිය සිරුරක​
වියපත් නොවූ ස්නේහයක් ,
අපරිමිත අසීමාන්තික ස්නේහයක් ,
තවම ඇත ශේෂව​.....

ගිලී ගිය දෙනෙත් තුල​
දිලී බැබළෙන ස්නේහයක් ,
තාරකා පරයා දිලෙන ස්නේහයක් ,
තවම ඇත ; එපරිද්දෙන්ම ශේෂව​....

"එම්බල කාලය​!"
ද්‍රෝහි වුනේ උඹ මට කෝම​?
කිව්වේම හැමෝම​
ඉඩදෙන්න උඹට​...
විශ්වාස කරපු ගොනා මං
ඉඩදී හිටියේ ඔහේ ඇන තියන් ,
මාන්නෙත් කර තියන්.....

පැවසුවේම ඒ අය​
විසඳාවි කියා උඹ ප්‍රශ්න​...
විශ්වාස කරපු ගොනා මං
බලාන හිටියේ මේවා විසඳෙනකන් ,
උඹ ගානට විසඳනකන්.....

ගිවිසගත්තු විදිහටම​
විසඳුවානම් උඹ ප්‍රශ්න​
ඇයි අදටත් අරවා අරම ශේෂව​???
"ද්‍රෝහියෝ!!!"
මං ගෙව්වා හොඳටෝම​ ඇති ,
දැන් උඹ ගෙවහන්
උම්බෑ  උම්බෑ  උම්බෑ.....      
                                                                                    

10 comments:

  1. එළ දෙනෙක්ගෙන් වියපත් වස්සෙකුට.....:D

    ReplyDelete
    Replies
    1. හැක්...එසේය එසේය කේප්ප වස්සො.....:D

      Delete
  2. වයසක අයගේ ප්‍රශ්ණයක්...............

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ..අපි දැන් වයසක උදවිය නෙව​..හික්z

      Delete
  3. ඒයි පොඩි එකෝ අපි වගේ ලොකු උන්ට මෙහෙම කවි වලින් ගහන එක හරිද???

    ReplyDelete
    Replies
    1. හික්.....අනේ සත්තමයි මොනවා කියන්නද කියල හිතා ගන්ට බෑ ආයුබොවන්ඩ​...ආ දැන් ඉතින් ලොකු උන්නැහේට රිදුනද ම්ම්?:D

      Delete
  4. //විසඳාවි කියා උඹ ප්‍රශ්න​...
    විශ්වාස කරපු ගොනා මං
    බලාන හිටියේ මේවා විසඳෙනකන්//

    මමත් මේම බලන් ඉන්නව සමහර වෙලාවට. ලොක්ක කියන්නෙ මේක ගොන් වැඩක් කියල නේ එතකොට..?

    ReplyDelete
    Replies
    1. හැක්..එහෙම නෙවෙයි ළමයෝ..life එකේ එක මොහොතක එක සැරේ වැදුනු හෙණයක් වගේ මයෙ හිතට ආපු එක සිතිවිල්ලක් විතරයි මේක​....

      Delete
  5. එතකොට දැන් බලන් ඉදලා තේරුමක් ඇත්තෙම නැද්ද?

    මේ තමයි උඹේ අතින් ලියවුන හොදම එක...ජයවේවා..

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා වගේ ද මන්දා නෙහ්? හික්z...අංජනම් නොබලා වස්සෙක් වෙලාම බලනවා....

      Delete