Monday, July 25, 2016

කන්ද කඩා වැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා



කලි යුගය නම්
මෙයම වෙන්ටැ
අනුන් ගේ රෙදි
තමන් ගේ වැලෙහි වනන...


බුකියේ වැල් පුරාවට
දකින්නට බලන්නට
නොයෙක් පන්නයේ
විසූක දස්සන...

බුකිය මත
හොටු ලාටු උලමින්
හඬමින් වැලපෙමින්
පස්ට වීමට
ලයික් වැසි රිසිව.......

හොර සිතින් අරගෙන
අනුන් වෙහෙසව වියූ
නොයෙක් විසිතුරු රෙදි
වනයි උජාරුවෙන්
තමන් ගේ ලෙසට...

ඒ වෙනුවට
රටාවක් හොයන්
කලාවක් හොයන්
වියුවා නම්
තමන් ගේම කියා
රෙද්දක් හිතට එන
මරේ මරු
හොරා කනවාට වඩා
අනුන් ගේ රෙදි....

කුකවියෝ
වසති බුකියේ
නොයෙක් විසිතුරු
රෙදි වනමින්
අනුන් ගේ වුව කම් නැත
තමා ගේ වැල යයි සිතමින්...

හරිම ලස්සනයි බන්
උඹලා තමන් ගේ කියා
අලවාගෙන ලේබල්
වැනූ උඹලගෙ
වැල්වල තියෙන
සුදු රෙදි වලින්
බේ(රෙනවා) පින් පාට...


12 comments:

  1. උඹත් මචී ඉඳලඉඳල දෙනව නස්කූනි වෙන්නම. හැක්.. මර්රේ මරු ඈ
    හිහි

    ReplyDelete
    Replies
    1. හැක්...තැන්කෝ තැන්කෝ අවන්හලේ මහත්තයා....

      Delete
  2. හෙහ්. ඒකනෙ අපි ඔය බුකි පාවිච්චි නොකරන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ...හෙහ් හෙහ්...

      Delete
  3. බුකිය කියන්නේ තවත් රැල්ලක් විතරයි...ලයික් වලට ලොබ බැඳීමෙන් තමන්ගේ නිර්මාණකරණයේ තියන කොලිටිය ගැන නිසි වැටහීමක් කිසිම කෙනෙකුට ලබා ගන්න බෑ බොහොමයක් වෙලාවට...ඒ නිසාම තමයි වෙන කෙනෙක්ගේ ඒවා හොරකම් කරලා තමන්ගේ බිත්තියේ අලවාගෙන ලයික් වැටෙනකල් බලන් ඉන්නේ...ඒකත් අර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුනා වගේ තමයි..

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම​....අත් දෙකම උස්සලා එකගයි ඔන්න​....

      Delete
  4. Replies
    1. හැක් හැක් හැක්..ඕ යේහ්

      Delete