Tuesday, August 23, 2016

එන්නෙ නෑමයි

හිරු නොමැතිව​
මලක් නොපිපේ
ලොවම දන්නා
සත්‍යයකි එය​..

එසේ වූවත්
සුළං රැල්ලක්
ඇවිදින් ඇහුවොත්
"එනවද යන්න​?"

ලොවේ සුපිපුණ​
මල් දරන්නේ
නොයෙක් විදිහේ
අදහස් ය​...

බොහෝ මල්
කියන්නාහු ය​
"යමු යමු..අනේ යමු"

ඒ අතරිනුත්
එක් මලක් හෝ
වෙයි මෙසේ
පිළිතුරු දරන​..

"හිරුට පිටුපාන​
කිසිදු ගමනකට​
එන්නෙ නෑ මං
එන්නෙ නෑමයි"
                      

5 comments:

  1. එවන් මල්
    හිරුට වාසනාවන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. පැල්පතට වෙල්කම් කිව්වා ඕං...තැන්කෝ තැන්කෝ

      Delete
  2. එතකොට හුළඟ කියනවලු, " නෑ මම කොහොම හරි උඹව අරගන යනවා" කියලා...

    ReplyDelete
    Replies
    1. හ්ම්. කලෙකට පස්සේ කටුසු ඇවිත්.

      ජයවේවා!!!

      Delete
    2. යකාගේ හුළගක් නෙ බොල ඒ හුළග​..haka haka

      Delete