Monday, August 29, 2016

ඒකෙත් හැටි


පාළුම පාළු කතරක​
විඩාබරව​
දිය බිඳකුදු නැතිව​
ඔහු ගමනේ ය​...

එවිට පෑයු
ගණදුරු
මේඝ වලාව​
අන් කිසිවෙකු නොව​;
නුඹ ය​...

ගුගුරුවා අහස​
වැසි වස්වන බව​
හුදෙක් මවා පෑවේ
රැවටුවේ
අන් කිසිවෙකු නොව​;
නුඹම ය​...

පිපාසයෙන්
පණ අදින ඔහු
නොතකා , නපුරුව​
දිය පොදක් නොදී
අකුණු ගසමින්
මැකී ගියෙත්
අන් කිසිවෙකු නොව​;
නුඹම යි...

එහෙව් නුඹවම​
ඔහූ පැතූ අරුමය​
පුදුමයි..!                      

4 comments:

  1. උණුසුම් ජල අංශුවලින්
    දමා ගැසුවේ ඔහුය
    සැඩ සුලං දවටලා
    මා කැළඹුවේ ඔහුය
    මා එනතුරු මග පුරා
    බලා සිටියේ ඔහුය
    හැඩ මකන්න නොහැකිව දැන්
    අසරණ වූයේ මමය....

    ජයවේවා!!!



    ReplyDelete
    Replies
    1. wuhoo! මරුනෙ අප්පා..විස්කෝතුයි...

      Delete
  2. ඔය වලා'ලා ඉන්නවා නේද?....උන් ඔහොම්මමයි....ගහන්න ඕනේ උස්සලා ..... මෙට්ටයක් උඩට.

    ReplyDelete
    Replies
    1. යකෝ අහවල් එහෙකටද මෙට්ට උඩට දාන්නෙ? කුඩේ කුඩු වෙලා යන්න ගහමු උස්සලා පොලේ..හක හක​

      Delete