Friday, August 12, 2016

ටටා Bye



පෙර දවසක
උදෑසනක
පිණි ඉහිච්ච
සුවද පිරුණු

සුදුම සුදු
පුංචි මලක්
නෙලාගෙන මා
සක්මන් කළත්
පුද භූමියට....

මටත් නොදැනිම
හොරින් රහසින්ම
නොකියා නොදන්වාම​
ඩැහැගෙන ගොහින්
මගේ සුදු මල​
පුද බිමට ආ
තවත් එක් උපාසකයෙක්....

ඔහු නෙලා ගත් ලෙසට
මගෙ පුංචි සුදු මල
ඔහුගේ අත මතින්
සතපවන්නේ ය ඔහු
මල් අස්න මත
නංවමින් හඬ
සාධු සාධු සාධු......

නෙලුවාට මම මල
පුද දෙන්නා ඔහු විය​
කුසලයත් ඔහු නමටම විය​..
පුද දුන්නාට පසුව
අත ගස්වා ගෙන
අනුමෝදනයට
මසිත ඉඩ නොදේ..
සමාවන්න !!!
පෘථග්ජන සිත් ඇත්තෙමි..
එබැවින් ,
පන්සල් බිම අතැර යමි...





2 comments:

  1. දිරියගෙන සිතට,
    කඩනු තවත් මලක්....
    පුදන්නට නොව,
    පෙනෙන්න්ට ඔහුට..........
    .....

    ReplyDelete
    Replies
    1. දුප් දුප් එක්සෑම් කොරපිය​...hikz..thankuii bettz

      Delete