Thursday, September 29, 2016

දේවකාරිය

කීරි ගැහෙන හීතලේ
ඔයාවත් තුරුල් කරන්
උණුහුම් වෙන්න
මං ආසයි...

මේ හිරිකඩ වැස්සෙ
ගුලි වෙලා කිටිකිටියට​
හීන දකින්න​ත්
මං ආසයි...

ඒ ආසාවල්
මලවන් කන්නද​?
!@#*#$$^&*@!

සිකියුරිටි 
නිසා මං
බම්බුව​ !
අදත් රෑ
ඩියුටි.....

So
හිත සැහැල්ලුවෙන්
මේ රැය ගෙවන්න
හැමදේටම වඩා
මං ආසයි...

ඒ හන්දා
මගෙ 
අමල්බිසවුනි ,

keep
the door
closed and
පරිස්සමින් ඉඳපන්...


                             

7 comments:

  1. හැමදාමත් වගේ ලොක්කා අපූරු අදහස්නේ දෙන්නේ. මෙන්න අමල්බිසවගේ කියමන.
    මාළු සොයා කපුටෙක් ගේ වට රැඳුනේ
    නෑලු සිනා පෑවත් මගෙ හිත ඇදුනේ
    යාළු කිරිකැටියාගෙ සිනහා සිත බැඳුනේ
    පාළු පැලේ මට තනි නැහැ හිමි සඳුනේ

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඕ යෙහ්...ඔය තියෙන්නෙ මරුවට​...තැන්කෝ තැන්කෝ..😄

      Delete
  2. හරි ඉතින්.... ඔච්චරම ආසනම් මම එන්නම් තුරුල්වෙලා නිදියගන්න... හිතේ තියන් ඉන්නේ නැතුව කිවුවනම් ඉවරයිනේ. මම දන්නවද ඕවා...

    පලවෙනි දවසේ ඉදලම මම උඹට කියනවා, උඹ අමුතු විදිහට හිතන එකියෙක්. උඹ උඹේ හැකියාව බල්ලට දාලා තියෙන්නේ.කියන්න පුලුවන් උපරිම කිවුවා. අහන නාහන එක උඹේ වැඩක්. මොනවා උනත් කවිය එල.දිගටම ලියපන් බ්ලොග් ගැන ටච් එකේ ඉදගන.

    ReplyDelete
  3. හරි ඉතින්.... ඔච්චරම ආසනම් මම එන්නම් තුරුල්වෙලා නිදියගන්න... හිතේ තියන් ඉන්නේ නැතුව කිවුවනම් ඉවරයිනේ. මම දන්නවද ඕවා...

    පලවෙනි දවසේ ඉදලම මම උඹට කියනවා, උඹ අමුතු විදිහට හිතන එකියෙක්. උඹ උඹේ හැකියාව බල්ලට දාලා තියෙන්නේ.කියන්න පුලුවන් උපරිම කිවුවා. අහන නාහන එක උඹේ වැඩක්. මොනවා උනත් කවිය එල.දිගටම ලියපන් බ්ලොග් ගැන ටච් එකේ ඉදගන.

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම​..බල්ලට දාන්නෙ නෑ නෑ නෑමයි...🙌..විස්කෝතුයි අනේ ගොඩම ගොඩම ගොඩම ගොඩාක්....

      Delete
  4. හීන දකින්න නම් කවුද ආස නැත්තේ ලොක්කයියේ...

    ReplyDelete
    Replies
    1. ඒකනේ සහෝදරී..හීන දකින්න ආස එකනම් හැබෑව..හැබැයි මං ලොක්කයියා නම් නෙවෙයි ඕං..😵😵...ඔබතුමී වගේම ස්ත්‍රී පරාණයක්...hikz...👠👠

      Delete