Sunday, October 23, 2016

අකලට පිපි මල​





හිත කැකෑරෙන ස්නේහයත් ,
ගත රිදුම් දෙන රුහිරයත් ,
උහුලාගෙන මහා ගොන්නක්....

දෛවයේ සරදමට​
නැහැවෙමින් කඳුලින්
පණ ඇදපු
නැවුම් අරුමැති
අරලිය අත්තක් ;

ප්‍රසූත කළා
කාටත් රහසින්
මියෙන්නට මත්තෙන්
ඉවසිලිවන්ත පැතුමින්
අසම්මතයේ
සොඳුරු හුරු බුහුටි
මල් කිනිත්තක්.......

7 comments:

  1. සුවඳ මල් කිනිත්තක්
    වැදූ පසු අරලියා අත්තක්
    සෝ සුසුම් සහ වේදනාවක්
    ඉගිල යනු ඇත බෝ දුරක්

    පිපෙන්නට දුන් පසු ඉඩක්
    මව් තුරුවෙ නෑ ජීවයක්
    මෙදැක අරලිය දරු මලක්
    පිටකරයි සුසුමන් වැලක්......

    ජයවේවා!!!






    ReplyDelete
    Replies
    1. ලස්සනයි....විස්කෝතුයි ගොඩාක් කොමෙන්ටුවට​...🙌

      Delete
  2. thankzzz වේවා උඩුzzz...🙏

    ReplyDelete
  3. Replies
    1. විස්කෝතුයි විස්කෝතුයි..welcome to da Lokka's Palpatha..😊

      Delete
  4. මල් වලට මක්කටෙයි නඟේ සම්මත අසම්මත මිම්මම්ක්,කොහොම වුනත් මල මලම විච්චකොට..... සුවඳ දැනෙන්න නහයක් තියනවනම් එච්චරයිනේ.

    ReplyDelete
    Replies
    1. හා හා හරි හරි මේ ඔයා එන්න එපා නිකං අනං මනං කියාගෙන​😂..හැක්...අනිවාර්‍යෙන් ඔයා කිව්ව දේ ඇත්ත​ GK..ඇත් දෙකම උස්සලා එකගයි...🙌

      Delete