Wednesday, October 26, 2016

වැව The බුවා

පෙර දිනේ
වැව්  දියේ
නෙළුම් පොට්ටු
පිපෙනකන් රැක ඉඳන්..
පිපුණු නෙළුම් මල්
උදුරගෙන ගිය හැටි
Pool වල​
දිය ජබුං ගසන උන්.

ගිය උන්ම ;
අද ඇවිත්
විරිත්තා වැව 
දෙස බලන්...
සිනාසී ඔලොක්කුවට
බලියාන උන්ගෙ කට​
දමයි කෝචොක්
"මේක නම් මහ මඩ වලක්" 

දිය ජබුං ගසමින්
Pool වල නෑවාට​,
වැවේ පිපි ඒ නෙළුම්
උදුරාන ඩැහැගෙන ගියාට,

නෙළුම පිපුණෙ හැමදාම
මඩ ජලය මත මිසක
Pool වල නොවන වග​​
උන් නොදනි එක් බිඳුවක්
ඒ නිසයි මෙතරම් බිරුමක්....

වැව දනී එය මැනවින්
එනිසයි නිහඬ තවමත්......


8 comments:

  1. වැව් කුසේ බොර දිය ඉරන්
    නෙළුම් තව තවත් පිපෙතැයි
    උන්ගෙ දෙනෙතේ උකුසු බැල්මන්
    වැව් දියේ රැළි අතර පිහිනයි

    මලත් සිඳදා මුලත් උදුරා
    නෙළුම වනසන්නට සිතූ මුත්
    වැව් කුසේ දැඩි විරිය තවරා
    නෙළුම පුබුදණු ඇත තවත්

    කෘතිම පොකුණක ඔහේ පැද්දෙන
    මල් දහස් ගණනක් දවා
    වැවේ දඟ වී නෙළුම් හිනැහෙන
    සුවඳ පැතිරෙයි ලොව නිවා.........

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. bravo! අපූරුවට ගළපලා...😊

      Delete
  2. සිරා කතාවක් තියෙන කවියක්. එල..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ගොඩාක් තැන්කුයි...😊

      Delete
  3. මඩ දියේ සාරයෙන්
    සැඩ සුළඟේ පන්නරෙන්
    රුදු හිරුට හිනහිලා
    බඹර විත ඉවසලා
    දැක්කාද උඹ පිපුන
    රතුම රතු නෙලුම් මල

    ReplyDelete
    Replies
    1. 😍අනේ ලස්සනා......යි jabbu

      Delete
  4. ජබ්බු... ඒ මොකාද ඒ...?????

    ReplyDelete
    Replies
    1. ජබ්බට ජබ්බා නැතිව අහවල් එකක් කියන්ටද යකූ.....ජබ්බු = ජබ්බු නෙව​..හැක්...මේ උන්දැ කවුද බොලේ?..😁

      Delete