Monday, October 31, 2016

නෂ්ටාවශේෂ​

ජීවිතේ පුරා
මිනිස්සු ඇහිඳපු
මතක පොත් වල
හැම පිටුවම ;
ඉස්පිලි
පාපිලි
කොමාවන් ගෙන්
අපූරුවට
හැඩ වෙලා...

ඒත්
ඉවසීමෙන්
සංයමයෙන්
බලද්දී පෙරලලා 
අන්තිමට​
ඒ හැම මතකයෙම​
පුදුමය කිච වෙලා
විස්මයාර්ථය​
ඉතුරු වෙලා...

                         

3 comments:

  1. දුක් ගී විරහ ගී
    සතුටු ගී
    කොහොම හැඩකර ලිව්වත් ඒ පොතේ
    පෙරලා යනවිට
    අවසාන පිටුවේ
    ඇත්තෙ තිතකි
    නැවතීමේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒක සැබැයි සැබැයි සැබැයි...😀

      Delete
  2. පෙරලා බලද්දී
    සබඳකම
    විශ්මයක් ගෙනේනම්
    සිනාවක් නැගේනම්
    සුවඳ තව රැදේනම්
    මතකයක් ගෙනේනම්
    තවත් කුමකටද
    සොයනු වංහුං....
    ලංවෙන්න සෙනෙහසින්
    මතක සුව රඳවන්න

    ReplyDelete