Friday, November 11, 2016

🌊 පාපොච්චාරණය​ 🌊

මාව බලන්න​
හුග දවසකින්
ඔයා ආවෙ නැති නිසා
මගෙ හිත රිදුණා
සෑහෙන්න රිදුණා
මහා ගොඩක් රිදුණා...

කේන්තියයි දුකයි
හිත අස්සෙ හිර කරන්
ඉවසලා ඉවසලා
බලන් ඉන්න​ බැරිම තැන​
මං ඔයාව හොයාගෙන​
ගෙදරටම ආවා....

තිබ්බ කේන්තිය
තුරන් වෙනකන්ම​
ඔයාගේ ගේ පොඩ්ඩෙ
බඩු මුට්ටු සේරම​
පොඩි කළා කියලා
යාන්තමින් වගේ
මතකයි මට....

එදා එච්චර​
කේන්ති ගියෙ මට​
හිත පුරාම​
ඇඳිලා තිබ්බ​
ඔය රූපේ
හුග දවසකින්
නොදුටු නිසයි
සත්තයි......

ඒත් අන්තිමට​
කේන්ති ගත්තා
වැඩියි කියලා
තේරුම් යනකොට​
මං හොඳටෝම
පරක්කු වෙලා..
ඔයාව මගෙ
කේන්තියටම​
ගහගෙන ගිහින්....

මං ඔයාගෙම​
සුනාමි

                                                         
                                                                                                                                                               

6 comments:

  1. මං දන්නවා. මං දන්නවා
    දවසක් දෙකක් නොව
    වරුවක්වත් ඔයාව
    නොදැක ඉන්න බැරි මට
    ඔයාගේ හඟුම් දැනෙනවා සුනාමි.
    ඒ වගේම මොහොතක්වත්
    මාව නොදැක ඉන්න බැරි ඔයා
    මාව හොයාගෙන එන බවත්
    මං දන්නවා
    ඉතින් සුනාමි
    ඔයාගේ කළබල මුරන්ඩු ආවේගී
    ආදරේට මම ගොඩාක් ආදරේ හින්දමයි
    ඇවිත් මාව ගහගෙන යනකම්
    ඉවසුවේ මම.
    ආදරේ අවංක වෙන්න කැපවීමක් ඕනෙමයි සුනාමි
    මම ආදර ගොඩබිම......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. wuhoo! මාරම ලස්සනයිනෙ....😃

      Delete
  2. ආ..................... සුනාමි ලොක්කා........

    ReplyDelete
    Replies
    1. හැක්...ඕ යෑස් කුරුටූzzzz 😋

      Delete
  3. ‍යකෝ.... තොපිව ආස්‍රය කරන්න බයයිනේ. ටිකකාලයක් හම්බුනේ නැතිවුනොත් විනාසයක්නේ...

    ReplyDelete
    Replies
    1. 😁ඔන්න ඉතින් කිව්වෙ කතාවක් උදේ පාන්දර​..

      Delete