බෝ පැළයක්...
මගේම කියලා තියේ මට ;
දවසින් දවස ආදරෙන්
නිලට නිලේ දළුදාන
අලි සයිස් ගහක්....
ගිම්හානෙක වුණත්
කොළ හැලිල හැඩි නොවෙන
බිඳුණු හිත සනසන
සැනසීම විතරක්ම මට දෙන
ආදරණීය ගහක්....
මං වෙනුවෙන් මල් පූදන
ඒ සුවඳින් හිත පුරවන
ආත්මයට සිහිල ඉහින
පිස්සු කෝළම් ගහක්....
මගේ හිත දන්න
දුකට ලග ඉන්න
මගේ දිවියට හුස්ම පිඹින
මගේම කියලා ගහක්.....
පෙරදාත් පැතුව
මෙදිනත් පතමින්
හැමදාමත් පතන
කාටවත්ම
සම කරන්න බැරි
ජීවිතේ ගැඹුරටම
සෙනෙහසේ
අක්මුල් විහිදුවන
මහ පුදුම ගහක්......
මගේ සිහින පරිස්සමට
අතු අස්සේ රැකගන්න
මගේම මගේම මගේම වුණු
රූස්ස ගහක්....
හැමදාම දැවටෙන්න හිතෙන
සෙවණින් මාව රකින
මේ විශ්වයේ තියෙන
පුදුම හිතෙන දේ......
ලියල නවතන්න
හිතෙන්නෙම නැති
කොච්චර ලිව්වත්
කියන්නත් බැරි
මටම හිතා ගන්න බැරි
ජීවිතේ හොඳම දේ....
මගේ මැජික් ගහ🌳
ලෝකෙටම එකයි
ඒක මං ගාව...........
පටක රෝපනයෙන් තව 1 ක් හදා ගමු නේද?..:)
ReplyDeleteලස්සනයි ලොක්කියේ අදහස.
ජයවේවා!!!
හැක්..ඒකත් මරු අදහස තමයි...ගොඩාක් විස්කෝතුයි හොඳේ!😇
Deleteනියමයි ලොක්කා...
ReplyDeleteතැන්කෝ බොක්කා.....😉
Deleteහැක්.... නංගිට හඳ පායලා වගේ.තංතෝසයි...තංතෝසයි....
ReplyDeleteඅපිත් ඔහොම කියු හැටි මතකයි... මට හොඳ හැටි මතකයි
ඔව් ඔව් පුන් සඳ පායා මොරටුව දිලෙන්නා දිලෙන්නා...😆....ආඩවනේ මොහොමඩ් අයියටත් හඳ පෑයුවද?කොහෙන් කොහෙන් හරි හඳ එළිය වැටිලාද කොහෙද මූණත් එක්ක බැබළෙනවා අප්පා....😂
Deleteහොඳයි.. හොඳයි.. මැජික් ගහ පරිස්සමෙන් බලා ගන්න....^_^
ReplyDelete≧◠‿◠≦ තැන්කුයි තැන්කුයි සහෝදරී.....
Deleteඋබේ කවි වල රහක් තියෙනවා
ReplyDeleteගොඩම ගොඩක් තැන්කූ ලූ හොඳේ.....😇
Delete+++++++++++++
ReplyDelete😇😇😇😇😇😇😇
Delete