Sunday, October 29, 2017
හුස්ම සරි වූ ප්‍රේමයක්
තවත් අවුරුදු ගණනකින්
සැඳෑ සමයත් ලංවේවී
දිවි ගමන කෙළවරේ
මතක පොත් පිටු පෙරලේවී.......
හුදකලා නිවහනක
පෙරදාක මතකයන්
මගේ මේ පන්හිඳෙන්
නුඹට කවි ගීත වී
හැමදාම ලියවේවී.....
මුණුබුරන් වට කරන්
කියද්දී කතන්දර
බලාගෙන මයෙ මැණිකෙ
වැරදිලා හරි අපෙ කතාවත්
ඔය කටින් කියවේවී......
නන කැඩුණු කුඩේ ගෙන
යද්දි හවසක පාරේ
බිම්මල් පිපෙන බංකුව උඩ
කවුරුවත් දන්නැති පාරේ
අහම්බෙන් හරි හම්බෙන්න
බලා ඉන්නම් දේවී.....
එලවලා අඳුරු ගොම්මන
කැඳවලා පහන් රැය සුන්දර
හංගලා හීන කප්පර
මතක තුරුලේ දරාගෙන
දෛවයක විස කටු උඩින් අපි
යන්ට යමු ලෝකෙන් බේරී......
Subscribe to:
Post Comments (Atom)
අඳිනෙමි බොහො කබා රෑ සීතල යන්න
ReplyDeleteගන්නෙමි විදුලි පන්දම මග දැක ගන්න
එන්නෙමි නුඹ සමග විස කටු උඩ යන්න
ගන්නෙමි පාවහන් යුගලක් මා දා ගන්න.....
ජයවේවා!!!
ගොඩාක් ගොඩාක් කාලෙකින් නෙහ් ? 😇
Deleteස්දූදී පුතී
කාලෙකින් නෙ බොස්. කොහොමද වාසෙ දේසෙ ඈ?
ReplyDeleteඅනේ ඒකනේ කසුන් අයියේ.....සැපෙන් සතුටින් වසනවා ඕං.....ඒ පැත්තෙත් එහෙමයි නෙහ්? 😇
Deleteවිභාගේ ඉවරවුන ගමන් මේකා කසාද බැඳලා ළමයි හදලා නාකිවෙලත් ඉවරයිනේ.
ReplyDeleteගොඩකාලෙකින් ඇවිත් වෙනස්ම විදිහට ලස්සනට ලියලා. සාර්තකයි.
ජයවේවා....